Saturday, May 18, 2024

පළාත් 5ක වෛද්‍යවරුන් අද වැඩවර්ජනයේ

Must read

වයඹ,උතුර,උතුරු මැද,ඌව හා සබරගමුව පළාත් වල පිහිටි සියලුම රෝහල්වල වෛද්‍යවරඅන් අද(14) දිනයේදී වැඩවර්ජනයක නිරත වන බව රජයේ වෛද්‍යනිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පවසයි.

නව බදු ප්‍රතිපත්ති ඇතුළු ගැටළු කිහිපයක් මුල්කරගනිමින් මෙලෙස වෛද්‍යවරුන් වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.

ඊයේ(13) දිනයේදී බස්නාහිර, මධ්‍යම, දකුණ හා ⁣නැගෙනහිර පළාත් වල මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක වූ අතර අද දිනයේදී එම රෝහල්වල වැඩ කටයුතු සාමාන්‍යපරිදි සිදුවන බව වාර්තා වේ.

කෙසේ වෙතත් මෙම ඉල්ලීම් වලට අද දිනයේදී විසඳුම් නොලැබෙන්නේ නම් හෙට (15) දිනයේදී දිවයිනේ සියලුම රෝහල් වල මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවද රජයේ වෛද්‍යනිලධාරීන්ගේ සංගමය පවසයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article