Saturday, September 21, 2024

පත්තරකාරයාගේ ආත්ම ගෞරවය රකිමුද ?

Must read

 

හැත්තෑව දශකයේ අන්තිම කාලේ “පත්තර පිස්සුව” තද වෙලා උසස් අධ්‍යාපනයත් දමලා ගහලා පත්තර රස්සාවට ඇව්ත් ටික කාලෙකින් අපිට අපේ ජ්‍යෙෂ්ඨතමයන් ගෙන් ව්ව්ධ උපදෙස් ලැබුණා.

ඒ අතින් එක උපදෙසක් මගේ හදවත පතුලටම කිඳා බැස්සා.”උඹලා හිතා ගනිල්ලා උඹලා තමයි මේ රටේ රජවරු කියලා.ඒත් කවදාවත් රජකම් කරන්න(හිතුමතේ මාධ්‍ය හසුරුවන්න)යන්න එපා.

ඒ වගේම උඹලා හිතාගනිල්ලා උඹලා මේ රටේ හිඟන්නො කියලා ඒත් කවදාවත් හිඟා කන්න(ආත්ම ගෞරවය පාවලා දෙන්න)යන්න එපා.ඒ වගේම උඹලා හිතාගනිල්ලා අපි තමයි මේ රටේ ඉන්න හොඳම කපටි(උපායශීලීන්)කියලා ඒත් කවදාවත් කාටවත් කපටි කම් කරන්න එපා කියලා.

එදා ඉඳලා මම මගේ පත්තර “රස්සාව” පත්තර “ජීව්තය” බවට පත් කරගත්තා.ඒත් මට ඒ උපදෙස දීපු ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියා පසු කාලෙදි පත්තර රස්සාව ගැන කලකිරිලා ගෙදරට වෙලා ඉඳලා මේ බොහොම මෑතක මිය ගියා

(තිලක් සේනාසිංහගේ ෆේස්බුක් පිටුවෙනි )

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article