Thursday, May 16, 2024

වීඩියෝව ගැන පැමිණිලි කරන්න ආශු CID යයි

Must read

තමා සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාල හරහා සංසරණය වෙන වීඩියෝව පිළිබඳව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්‍ය ආශු මාරසිංහ

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID ) පැමිණිලක් ඉදිරිපත් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පාර්ලිමේන්තු කටයුතු උපදේශක ලෙස සේවය කල මහචාර්ය ආශු මාරසිංහ ඊයේ සිය තනතුරින් ඉල්ලා අස්විය.

කෙසේවුවද ඊයේ දිනයේ සිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝව සහ ඊට අදාළ ඡායාරූප පිළිබඳ පැමිණිල්ලක් ගොනු කිරීමට ඔහු  (24) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ සිටියේ සිය නීතිඥවරයා සමගයි.

පැමිණිල්ල සටහන් කිරීමෙන් අනතුරුව පිටතට පැමිණි මහාචාර්‍ය මාරසිංහ මාධ්‍ය වෙත සඳහන් කර සිටියේ, සිය වීඩියෝ පටය සහ ඡායාරූප සියල්ල ම සංස්කරණය කළ දර්ශන බවයි.

එමෙන්ම එම සිදුවීම සම්බන්ධයෙන් වැඩි විස්තර ප්‍රකාශ කිරීම ද මහාචාර්‍යවරයා විසින් ප්‍රතික්ෂේප කළේ, එම කාරණා සම්බන්ධයෙන් අදහස් දැක්වීම නීතිඥවරයාට විවර කරදෙමිනි.

“මෙය නීතිය ඉදිරියේ තියෙන කාරණයක්. අසත්‍ය කාරණයක්. ඒ නිසා මම මේ ගැන කතා කරන්නේ නැහැ. මගේ නීතිඥවරයා  මේ ගැන කතා කරයි.” ආශු මාරසිංහ සඳහන් කළේය.

ආශු මාරසිංහ ගේ නීතිඥයා එහිදී කියා සිටියේ, සිය සේවාදායකයා වන ආශු මාරසිංහ, ඊයේ දිනයේ දී මාධ්‍ය හමුවක් තැබූ ආදර්ශා කරඳන අතර සමාගමක අධ්‍යක්ෂ ධුර සම්බන්ධයෙන් ගැටලුවක් පැන නැගී ඇති බවත්, ඒ වෙනුවෙන් මහාචාර්‍යවරයාගෙන් ඇය විශාල මුදලක් ඉල්ලා ඇති බවත්, මේ හේතුවෙන් මෙවැනි අසත්‍ය සහ පිළිකුල්සහගත තර්ජනයන් සිදු කරන බවයි.

එම තර්ජනයන් සම්බන්ධයෙන් මහාචාර්‍ය ආංශු මාරසිංහ විසින් අද දිනයේ දී විස්තරාත්මක ප්‍රකාශයක් සී.අයි.ඩීය වෙත ලබා දීම ද සිදු කෙරුණු බවත් නීතිඥවරයා සඳහන් කළා.

“ආශු මාරසිංහ මහතා සම්බන්ධයෙන් ඉතාමත්ම පිළිකුල් සහගත, අසත්‍ය, සංස්කරණය කරන ලද වීඩියෝ පටයක් මේ වනවිට සමාජ ජාලා පුරා සංසරණය වෙනවා. ඒ වගේම කරුණු විකෘති කරල ලද ඡායාරූප කිහිපයක් ඉදිරිපත් කරමින් මාධ්‍ය සාකච්ඡාවක් ඊයේ පැවැත්වුවා. ඒ සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළා.”

“මාගේ සේවාදායකයා සහ එක්තරා කාන්තාවක් අධ්‍යක්ෂ ධුරය දරන සමාගමක ඇතිවෙන ආරවුලක්. ඒ ආරවුල මත විශාල මුදල් ප්‍රමාණයක් මගේ සේවාදායකයාගෙන් ඉල්ලා තිබෙනවා. ඒ පසුබිම තමයි මේ දේවල් සිදුවෙන්නේ.”

 

මොකක් හරි මණ්ඩලේ කචල් එකක් !

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුනිකා ප්‍රේමචන්ද්‍ර විසින් ඊයේ මාධ්‍ය හමුවේ අනාවරණය කල මහාචාර්ය ආශු මාරසිංහ ට අදාල අසැබි ජයාරූප හා වීඩියෝව ඇතැම් ප්‍රධාන මාධ්‍ය නාලිකා හරහා ද ප්‍රචාරය කරනු ලැබූ අතර ඒ සම්බන්ධයෙන් ඇතැම් සමාජ මාධ්‍ය වලින් බරපතල විවේචන එල්ලවෙමින් තිබේ.

ඇතැම් සමාජ මාධ්‍ය පොස්ටුවල මෙසේ සඳහන්ව තිබිණ.

”මේ සුනඛවත හොරාට video කරපු එකක් කියලා හිතනවද? කෙලින්ම ඉස්සරහ ඉඳලා තියෙන්නෙ camera angle මොනවත් නැතුව. මේක ඒ කාන්තාවත් හවුල් වෙලා video කරලා කියලයි මට පේන්නෙ…දෙන්නම පොඩි fun එකක් ගත්තා කියලා හිතෙනවා. පස්සෙ මොකක් හරි මණ්ඩලේ කචල් එකක් නිසා මේක එළියට දාන්න ඇති ?
හොඳට බලන්න. මිනිහා කෙලින්ම camera එක දිහාත් බලනවා”

xcvd


”පරෙස්සමෙන් වචන තෝරාගෙන මුත් මේ කතන්දරයත් ලියැවිය යුතුයි. සමාජය අහිංසකයකුට වට කරගෙන නිරපරාදයේ ගහන කොට, නිහඬව සිටින එක තමයි අපි අතින් සිදුවිය හැකි ලොකුම වරද.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු ජනාධිපති උපදේශක ආශු මාරසිංහ හා සම්බන්ධ වීඩියෝ ක්ලිප් එකක් මේ දිනවල සමාජ මාධ්‍ය වල සංසරණය වෙනවා. මේ වීඩියෝ ක්ලිප් එක පමණක් සලකතොත් නම් ඔහු තිරිසන් සතකු සමඟ සෙක්ස් කරන අවස්ථාවක් දැක්වෙන්නේ නැහැ. (හොඳට බලන්න.) ඔහු යම් ක්‍රියාවක් කරනවා. ඒ අවස්ථාවේ සිටි emotional status එක අනුව එවැනි බොළඳ දේකට ඔහු පෙළඹුනා වෙන්න පුළුවන්. මා මේ සිද්ධිය dissect කරන්න යන්නේ නැහැ. වැදගත්ම දේ සුරතල් සතාට ඔහුගේ ක්‍රියාවෙන් physical harm එකක් නැති වීම. එච්චරයි. ඉතිරි සියළු දේවල් – Simply, it’s not anyone’s business.

වෙන කෙනකුට හානියක් නැතිනම් කෙනකුගේ ලිංගික ජීවිතය ඇදගෙන අවස්ථාවාදී දේශපාලනයක නිරත වීම මේ ක්‍රියාවට වඩා දහස් වාරයක් තුච්ඡයි.

Ashu Marasinghe මගේ මිතුරෙක්ම නෙවෙයි. දැක්කොත් “කොහොමද අයියේ..?” කියා ලෙන්ගතුව අහනවා ඔහු මගේ පාසල් සගයකු වීම නිසා. මේ සටහන ලිව්වේ මේ කාරණා නිසා නෙවෙයි.”

dfgfr

45532

23423

theleader.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article