Wednesday, May 8, 2024

නීතීඥ ස්වස්තිකාට යළි ආරාධනා කිරීම ගැන යාපනය විශ්වවිද්‍යාල සිසුන්ගේ විරෝධය

Must read

යාපනය විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය නිකුත් කළ නිවේදනයකට විරෝධය පළ කරමින් යාපනය විශ්වවිද්‍යාල සිසුන් විරෝධතාවක් ආරම්භ කළේය.විශ්වවිද්‍යාල සිසුන් ඊයේ (09) පෙරවරුවේදී විශ්වවිද්‍යාල විද්‍යා පීඨ පරිශ්‍රයට රැස්වී විරෝධතාවය පවත්වන ලදී.

පසුගිය ඔක්තෝබර් 31 වැනිදා යාපනය විශ්වවිද්‍යාලයේ නීති අංශය විසින් සංවිධානය කරන ලද වැඩසටහනකට නීතිඥ ස්වස්තිකා ආරුලිංගම් සහභාගි වූ අතර “අර්බුදකාරී අවස්ථාවක අධිකරණයේ ස්වාධීනත්වය” මැයෙන්  ඇය කතාවක් සිදුකරන ලදී.  යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් කොටසකගේ උද්ඝෝෂණය හේතුවෙන් එම සංවාදය අවසන් මොහොතේ අත්හැර දමන ලදී.

මෙම සිදුවීම සම්බන්ධයෙන් නීතීඥ ස්වස්තිකා ආරුලිංගම්ට යළි ආරාධනා කර නීති අංශයේ දේශනය පැවැත්වීමට අවස්ථාවක් නිර්මාණය කිරීමට යාපනය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය, ආචාර්යවරුන් සහ විශ්වවිද්‍යාල පාලනාධිකාරිය වහා පියවර ගන්නා ලෙස යාපනය විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය ඉල්ලා සිටියේය.

ඒම්.මතිවානන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article