Monday, May 20, 2024

රෝගී තත්ත්වයක් නිසා ශීෂ්‍යත්වය ලිවීමට නොහැකිවූ දරුවෙකට පාසලෙන් සිදුවු අසාධාරණය

Must read

මුලතිව් දිස්ත්‍රික්කයේ මුලතිව් අධ්‍යාපන කලාපයට අයත් පුදුකුඩිරිප්පු   ප්‍රදේශයේ 5 ශ්‍රේණියේ ඉගෙනුම ලබන පාසල් සිසුවෙකුට උදරයේ සිදු වූ සැත්කමක් හේතුවෙන් මාස දෙකක කාලයක් පාසල් අධ්‍යාපනය අහිමි විම හේතුවෙන්  එම සිසුවාට 5 වසර ශිෂ්‍යත්වයෙන් විභාගය ලිවීමට පාසල තුළින් අවහිරයක් සිදුවී තිබේ.
සිද්ධිය මෙසේයි.
ගමේ කුලී වැඩ කරමින් පවුල නඩත්තු කරන පවුලේ දෙවැනි දරුවා වන පුදුකුඩිරිපු ගොඹ ප්‍රදේශයේ 5 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකුට මෙම තත්ත්වය උදාවී ඇත.ඔහුගේ වැඩිමහල් සහෝදරිය 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 163ක් ලබාගෙන අධ්‍යාපන කටයුතු සිදුකරයි.

මේ තත්ත්වය තුළ මවුපියන් සිසුවා ශිෂ්‍යත්වයෙන් විභාගයට සූදානම් කර ඇති අතර, එම අවස්ථාවේදී උදරයේ ඇති වූ ආබාධයක් හේතුවෙන් සිසුවාගේ උදරයේ විශාල ශල්‍යකර්මයක් සිදු කර ඇති අතර සිසුවා මාස දෙකකින් පාසල් නොගොස් ඇති අතර මවුපියන් වෛද්ය වාර්තාව පාසලට පෙන්වා දී තිබේ.

මේ තත්ත්වය තුළ 2023.10.15 වැනි දින ශිෂ්‍යත්ව විභාගයට දින ළං වන විට පාසලේ ගුරුවරියක් මවුපියන්ට කතා කර ඉහත කී සිසුවාට විභාගය ලිවීමට ඉඩ දිය නොහැකි බව පවසා ඇත.
මේ තත්ත්වය තුළ සිසුවා මානසිකව පීඩාවට පත්ව සිටින බව මවුපියෝ මාධ්‍ය හමුවේ පැවසූහ.
දැන් පාසල් යාමට අවශ්‍ය නැති අතරවාරයේ විභාගයට ලිවිමට නොහැකිවිම  ඔහුගේ අධයාපන සිහිනයකට බාධාවක් ලෙස සිතමින්  ඔහු කනස්සල්ලට පත්ව සිටින බව ඔහුගේ දෙමාපියන් පැවසීය.

මේ සම්බන්ධයෙන් කිසිවකුට ආයාචනා කිරීමට නොහැකිව එම පවුල මෙතරම් කලක් සිටි නිසා එය මාධ්‍ය වෙත යොමු කර ඇත. මේ සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙස ඔවුන් මානව හිමිකම් කොමිසමට ද පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

පාසලේ කීර්ති නාමය වෙනුවෙන් පාසල් සිසුවෙකුගේ විභාගය වැලැක්වීම මානව හිමිකම් කඩකිරීමක් ලෙස සැලකිය යුතු අතර මේ සම්බන්ධයෙන් අධ්‍යාපන දෙපාර්තමේන්තුව හෝ දිස්ත්‍රික් අධ්‍යාපන කාර්යාලය සහ ළමා අයිතිවාසිකම් සම්බන්ධ සංවිධාන වහා අවධානය යොමු කළ යුතුය. මෙවැනි සිදුවීමක් වෙනත් කිසිදු අසරණ දුප්පත් පවුලකට සිදු නොවේවා යන්න දෙමාපියන්ගේ අපේක්ෂාවයි.

ෂන්මුගම් තවසීලන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article