Monday, May 13, 2024

නීතිවේදියාට ග්‍රාන් මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන්ගේ උපහාරය!

Must read


මඩකලපුව ග්‍රාන් ගම්මානයේ අභිනවයෙන් පත් නීති නියෝජිතයා වන කුමාරවේල් පුරුෂෝත්තමන් මහතාට උපහාර පිදීම සහ උපහාර දැක්වීමේ උත්සවයක් අද (17) සවස ග්‍රාන් රෙජි සංස්කෘතික ශාලාවේදී පැවැත්විණි.
ග්‍රාන් මධ්‍ය මහා විද්‍යාලයේ 1999, 2000 කාණ්ඩයේ සිසුන් විසින් සංවිධානය කරන ලද මෙම උත්සවය සිසුන් විසින් මල්මාලා පළඳවා ආරාධිත අමුත්තන් පිළිගනු ලැබූ අතර සුභ පහන දැල්වීමෙන් උත්සවය ආරම්භ විය.
ඉන් අනතුරුව සර්වාගමික පුජකවරුන් විසින් සර්ව ආගමික වතාවත් සහ දිව්‍ය ආශිර්වාද ප්‍රදානය කිරීම සිදු විය.

මෙම අවස්ථාවට සහභාගි වූ ගෞරවනීය අමුත්තන් විසින් කුමාරවේල් පුරුෂෝද්මන්ගේ අතීත සමාජ මෙහෙවර වෙනුවෙන් සහ අනාගතයේ දී ඔහුගේ කාර්යය ඉටු කළ යුතු ආකාරය පිළිබඳව උපහාර දැක්වූහ. විවිධ සමාජ සුබසාධන සංවිධාන, හිතවතුන් සහ රජයේ ප්‍රභූන්විගෙන්  සුබ පැතුම් පතක් කියවා උපහාර ලැබූ  ඔහු ග්‍රාන් මධ්‍ය මහා විද්‍යාලයේ ආදි සිසුවෙකි.

කේ.රුද්‍රන්

 

 

 

 

 

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article