Monday, May 20, 2024

ගංවතුරෙන් මන්නාරමේ විශාල ජනතාවක් අවතැන්වේ

Must read

 

අයහපත් කාලගුණය හේතුවෙන් මාන්තෙයි බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පවුල් 131කට අයත් පුද්ගලයින් 438 දෙනෙකු අවතැන්ව තිබෙනවා.

මන්නාරම දිස්ත්‍රික්කයේ පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මාන්තෙයි බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් දේවාන්පිට්ටි සහ බලියාර් ගම්මානවල පවුල් 131 කට අයත් පුද්ගලයින් 438 දෙනෙකු ඉවත් කර තාවකාලික තාවකාලික නිවාසවල නවාතැන් ගෙන ඇත.

මන්නාරම යාපනය ඒ 32 මාර්ගයේ බාලි ගඟ පිටාර ගැලීම හේතුවෙන් දෙවන්බිට්ටි ගම්මානය ජලයෙන් යටවී තිබේ.

මේ නිසා ඔවුන්ට වෙනත් ස්ථාන වලට යාමට සිදු වී ඇති අතර ඔවුන් තාවකාලික කඳවුරුවල නවාතැන් ගෙන ඇත.

මන්තායි බටහිර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය ඔවුන් සඳහා පිසූ ආහාර ලබාදේ.එමෙන්ම මන්නාරම දිස්ත්‍රික්කයට අඛණ්ඩව පවතින වර්ෂාපතනය හේතුවෙන් දිස්ත්‍රික්කයේ පහත්බිම් බොහොමයක් ගංවතුර ආපදා තත්ත්වයකට මුහුණදීමට ඉඩ ඇති බව මන්නාරම දිස්ත්‍රික් ආපදා කළමනාකරණ අංශයේ දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ කේ. දිලීපන් පවසන පරිදි, බලියාර් සහ පරංගියාර් ජල මට්ටම ඉහළ ගියහොත් මන්නාරම – යාපනය (ඒ – 32) ප්‍රධාන මාර්ගය ගංවතුරට යටවීමට ඉඩ ඇති බැවින් එම මාර්ගයේ ගමන් ගන්නා ජනතාව ඉතා අවධානයෙන් සිටින ලෙස ඉල්ලා සිටියි.

එස්.ආර්.ලැමබර්ට්

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article