Monday, May 13, 2024

මනුෂ්‍යයෙකුගේ ඉරණම සහ දෛවය

Must read

 

මනුෂ්‍යයෙකුගේ ඉරණම සහ දෛවය
සියලුම රාජ්‍ය සේවකයන් අනිවාර්යෙන්ම මෙය කියවිය යුතුය.

හිටපු සෞඛ්‍ය ලේකම් ජනක චන්ද්‍රගුප්ත මාලිගාකන්ද අධිකරණයට ගෙන එන විට ඔහු ළඟ
හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්කැල්ල සිටියේ නැත.
ඔහුගේ අතිරේක ලේකම්වරු සිටියේ නැත.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් සිටියේ නැත.
එදා ඔහු ලේකම් ධූරය හොබවන විට ඔහු වටා ගැවසුණු කිසිදු මහා පරිමාණ බලගතු පුද්ගලයන් සිටියේ නැත.
ඔහුගේ කාමරයට පැමිණ ගණුදෙනු කළ ව්‍යාපාරිකයන් සිටියේ නැත.
සවස හයේ සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා ඔහු හෙරොයින් කුඩුකාරයන් සිය ගණනක් සමග එකට තබන මාලිගාකන්ද අධිකරණයේ රිමාන්ඩ් කාමරයේ රඳවා සිටින විට ඔහු අසල කිසිවකු සිටියේ නැත.

උදෑසන දහයේ සිට මධ්‍යම රාත්‍රිය දක්වා ඔහුගෙන් ප්‍රශ්න අසන විට ඔහු අසල කිසිවකු සිටියේ නැත.

විත්ති කූඩුවේ ඔහු නැංවු පසුව ඔහු බේරාගන්නට කිසිවකු හෝ අසල සිටියේ නැත.

පැය හයක් පුරා මාලිගාකන්ද අධිකරණයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ කිසිදු නිලධාරියකු යි සිටියේ නැත.

ඔහුගේ තනියට සිටි එකම තැනැත්තා වූයේ ඔහුගේ බිරිඳ පමණි.

මිනිසුන්ට ස්වභාවධර්මයේ නීතිය අනුව එක්තරා සීමාවකින් පසු නියත වශයෙන්ම දඬුවම් කරන බවට නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය ප්‍රකාශ කළේ එබැවිනි.

රිමාන්ඩ් බන්ධනාගාර දේශබන්දු පොලිස්පතිතුමාගේ කුඩු මෙහෙයුම නිසා පිරී ඉතිරී ගොස් ඇත.

ඒ සියලු දෙනා සමඟ සෞඛ්‍ය ලේකම්ට විශේෂත්වයක් බන්ධනාගාර බස් රථයේ තිබුණේ නැත.

මේ ඉතිහාසයේ තීරණාත්මක මංසන්ධියකි.

මීට වසරකට පෙර සෞඛ්‍ය ලේකම් හා වර්තමාන සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ බලපෑම මත වෛද්‍ය චමල් සංජීවගේ වැඩ තහනම් කරන්නට ලිපිය අත්සන් කළ ඔහු ඊට හරියටම වසරයි මාසයකට පසු එම සිවිල් සංවිධානවලම පැමිණිල්ලක් මත අද කාත් කවුරුවත් නැති රිමාන්ඩ් බන්ධනාගාර සිරකරුවකු බවට පත්ව ඇත.

කුමන හේතුවක් මතවත් සමහර මිනිසුන්ගේ බලය අවතක්සේරු නොකළ යුතු යැයි කියමනක් ඇත.

මීට වඩා බෞද්ධ දර්ශනය ඉගෙන ගැනීමට තවත් කතාවක් නැති බව ඊයේ මාලිගාකන්ද අධිකරණයේදී සනාථ විය.

මේ අවසානය නොව ආරම්භය බව සියලු දෙනා සිහියේ තබා ගත යුතුව ඇත.

එක්තරා සීමාවකින් පසුව කොන්දේසි විරහිතව අපරාධකරුවන්ට දඬුවම් විඳීමට සිදුවන බව මාලිගාකන්ද අධිකරණය ඕනවටත් වඩා දැන් පෙන්වමින් සිටී.

අධිකරණ ඇමැතිවරයා ලවා නඩුව ඉවත්කරවා ගැනීමට බලපෑම් කළ වර්තමාන සෞඛ්‍ය දේශපාලකයින් හා ලේකම්වරුන් අභිබවමින් නඩුව ඉදිරියටම ගෙන යාමට නීතිය අංශ එක පෙළට තීරණය කළේය.

ප්ලෑන් ඒ වරදින විට ප්ලෑන් බී යටතේ සියලු දෙනාම කොටු කරන්නට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් නීතිපති දෙපාර්තමේන්තුවත් සිවිල් සංවිධානත් එකතු විය.

පුරවැසියන්ගේ බලය හමුවේ අවශේෂ දේශපාලකයන්ට කළ හැකි කිසිවක් නොමැති බව මෙම නඩුව සනාථ කොට ඇත.

මෙය ඉතා හොඳින් කියවිය යුතු යි ඉතිහාසයේ සුවිශේෂී ලෙස ලියවන නඩුවක් බවට පත්වනු ඇත.

මෙය එක් පැත්තකින් සියලු රාජ්‍ය නිලධාරීන්ට තදින් උගත් පාඩම් උගන්වයි.

දැන් වර්තමාන සෞඛ්‍ය පරිපාලකයන් ඩබල් ගේම් වලින් මිදී හරි පාරට ආවේ නැත්නම් වැලිකඩ බන්ධනාගාරය තුළ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශාඛාවක් පිහිටුවීමට ඉතා ඉක්මනින් අවස්ථාව ලැබෙනු ඇත.

ඉතුරු අමාත්‍යාංශ නිලධාරීන් ගැන ද ඕනවටත් වඩා සාක්ෂි ඇති බව යි අද දින සිට සනාථ වනු ඇත.

 

පුරවැසියා

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article