Monday, May 20, 2024

නැගෙනහිර කිරි ගොවින්ගේ අරගලයට සහය දැක්විමට ගිය යාපනේ සිසුන් පිරිසක් අත්අඩංගුවට ..

Must read

දින 50කටත් වැඩි කාලයක් ක්‍රියාත්මක නැගෙනහිර කිරිගොවින්ගේ අරගලයට සහය දැක්විමට පැමිණි යාපනේ විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් පොලිසිය අද (5) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සිසුන් පිරිස සිය විරෝධතාවය අවසන් කොට පැමිණි බස් රථයෙන් ආපසු යමින් සිටියදි බස් රථය නවත්වා පොලිසිය විසින් සිසුන් 5දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

දශක ගණනාවක් තිස්සේ මෙම කිරි ගොවින් සිය ගවයන් සඳහා තණ කැවිමට යොදාගත් භුමිය මේවන විට සිංහල ජාතිකයන් පිරිසක් පැමිණ හේන් වගාව සඳහා බලහත්කාරයෙන් අත්පත් කරගෙන තිබේ.නැගෙනහිර කුප්‍රකට භික්ෂුවගේ සහයද මේ අයට ලැබි තිබේ.

සිසුන් නිදහස් කරන ඉල්ලා සිසුන් සහ ජනතාව මේ වන විට මඩකලපුවේ සන්දිවලි පොලිසිය ඉදිරිපිට රැදි සිටි.

රුද්‍රන් -මඩකලපුව

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article