navy commaderනාවික හමුදා නිල ඇඳුම හොරකම් කිරීමට, මිනීමැරීමට හෝ වැරැදි කිරීමට අවසර දීමක් නොවන බවත්   යුද වීරයෙක් වුවද නාවික හමුදාව තුළ වැරදිකර තිබෙනවා නම් එවන් පුද්ගලයකුට කිසිදු සමාවක් නොලැබෙන බව නාවික හමුදාපති වයිස් අද්මිරාල්  ට‍්‍රැවිස් සින්නයියා මහතා අද(23) පැවසීය.

රණවිරුවකුට මීනිමරුවෙක් වීමට නොහැකි බවත්,  මීනිමරුවකුට රණවිරුවෙක් වීමට නොහැකි බවටත් තමන් විශ්වාස කරන බවත්  නාවික හමුදාවේ  කිසිවකු වැරදි කර ඇති බවට සනාථ වුවහොත් කිසිදු සමාවක් නොලැබෙන බවත් නාවික හමුදාපතිවරයා කීය.

නාවික හමුදාපතිවරයා මේ බව පැවසුවේ අද නාවික හමුදා මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීය.

ට‍්‍රැවිස් සින්නයියා මහතා නාවික හමුදාපතිවරයා වශයෙන් වැඩ බාරගැනීමෙන් පසු පැවැත් වු ප‍්‍රථම  මාධ්‍ය හමුව මෙය විය.
www.lankadeepa.lk