නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවික හමුදා කන්ඩායමක් විසින් ඊයේ කෝකිලායි, කොක්කුතුඩුවායි මුහුදේ ගසාගෙන යමින් සිටි අලියෙකු බේරා ගෙන තිබෙනවා. දෛනික සංචාරයේ යෙදී සිටි නාවික හමුදා පිරිසක මෙම අලියා මුහුදේ ගසාගෙන යමින් සිටිනු දැක ඇති අතර එහිදී නාවික හමුදාවේ කිමිදුම්කරුනක් පිරිසකගේද මැදිහත් වීමෙන් කඹ මගින් මහත් ප්රයත්නයක් දරමින් අලියා ගොඩබිම වෙත ගෙන ඒමට සමත් වී තිබෙනවා. මේ මෙහෙයුමට වනජීවී නිලධාරීන්ගේද සහය ලැබී ඇති අතර ගොඩබිමට රැගෙන ආ අලියා වනජීවී නිලධාරීන් විසින් යාන් ඔය ප්ර දේශයට ගෙන ගොස් ඇති බවයි වාර්ථා වන්නේ.
ඡායාරූප – http://www.dailymirror.lk