Sunday, April 28, 2024

නත්තලට ගවලෙන් විකුණා පවුල නඩත්තු කරන මාග්‍රට් අම්මා !

Must read

IMG-20191217-WA0009

නත්තල් කාලය උදා වන්නේ එය ජේසු තුමාගේ උපත සිදුවූ ගවලෙනේ ඉතිහාසයද අපට සිහිපත් කරමිනි. ඒනිසා කතෝලික නිවෙස් වල විවිධ ප්‍රමාණයේ විවිධ ආකාරයේ ගවලෙන් හදමින් මෙම ඓතිහාසික අවස්ථාව සමරති . නමුත් අද වනවිට පවතින කාර්‍ය බහුලත්වය නිසා එසේ ගවලෙන් හදා ගැනීම අපහසු හෙයින් , සමහර අය ඒවා මිලදී ගනිති . ඒවා අලෙවි කරන තැන්ද ඕනෑතරම් මීගමු නගරයේ තිබෙන බව අපි දන්නෙමු . නමුත් එවැනි එක් ස්ථානයක ගවලෙන් හදා විකුණන නමුත් එහි විශේෂත්වයක් ඇති බව පෙනින . ඒ
කොළඹ -හලාවත පාරේ සිට මීගමු නගරයට ඇතුල්වන, පරණ හලාවත පාරට හැරෙන ස්ථානයේ , රේල් ගේට්ටුව අසලයි. එසේ පේලියට තිබුනු විවිධ ප්‍රමාණයේ ගවලෙන් අසල එක අම්මා කෙනෙක් සිටී. ගවලෙන් විකුණන අතර මිලදී ගන්නා පිරිස සමඟ අහිංසක ලෙස සිනාසෙමින් තම කාර්‍ය කරන අතරතුර අපට ඇය සමඟ කතාබහකට යොමුවීමට හැකියාවක් ලැබින .
අපි මේ පිලිබඳව ඇගෙන් විමසූ විට ඇය විස්තර කළේ මෙසේය .IMG-20191217-WA0006

” මාස 6ක ඉඳල මම මේව හදන්නෙ. ලක්ෂයක විතර බඩු විකුණනව. ඒකට ඉතින් පනස්දාහක විතර වියදම් කරන්න ඕනෙ . පිදුරු , ඇන, කම්බි , අරවට, මේවට වාහන කුලි ඒවට. මොකද , මම තනියෙන් කරන්නෙ . මට පිරිමි ලමයි කව්රුත් නෑනෙ . ගෑනු ලමයි තුන්දෙනෙක් ඉන්නෙ . ”

මහත්තය උදව් කරනවද?

එයාට වැඩක් කරන්න බෑ. මහත්තයට 2004 සනීප නැතුව ගියා අංශබාගෙ හැදිල. ඒ ඉඳල මේ වෙනකං එයාවත් බලාගෙන මේවත් කරගෙන අවුරුද්ද ගෙවනව කොහොම හරි. ඉතින් ජීවත්වෙන්නෙ මේව කරල තමයි .
මව්බිම පත්තරෙන් එක අවුරුද්දකදි හොඳම ගවලෙන ලෙස තෝරා ගැනීමක් කර තිබින . අපි ඇගෙන් ඒ පිළිබඳව විමසුවෙමු.

දැන් අවුරුදු 3කට ඉස්සර මව්බිම පත්තරෙන් හොඳම කූඩු හොයාගෙන එනකොට අපට තමයි දුන්නෙ පලවෙනි තැන . එයාල මගෙන් ඇහුව මොනවද බලාපොරොත්තු වෙන්නෙ කියල . ඉතින් එතකොට මම කිව්ව මහත්තයට එහාට මෙහාට යන්න රෝද පුටුවක් ගන්න අත්‍යාවශ්‍යයි රෝද පුටුවක් අරං දුන්නොත් හොඳයි කියල. ඉතින් එයාල මහත්තයවත් කැන්දන් ගිහිල්ල , වෑන් එකක් ගෙනැල්ල එයා ටිකක් උස මහතයි , ඒනිසා එයාටම කියල රු. 86000/ ක් වියදම් කරල රෝද පුටුවක් හදල දුන්න.

පිදුරු , ලී පටි එහෙම කොහෙන් ද ගන්නෙ?IMG-20191217-WA0003

පිදුරු අපි නාත්තන්ඩියෙන් එක්කෙනකුට කියල මෙහාට ගෙන්න ගන්නව. මිටි 500ක් ගේනව. එයා මිටියක් රු. 30 ගානෙ ගෙනැල්ල දෙනව. ලීපටි මඩුව ගානෙ ගිහිල්ල හොයාගෙන එන්නෙ . එක තැනක් කියල නෑ. හැම මඩුවකින්ම ටික ටික තියෙන විදිහට අරගෙන ලෑන්ඩ්මාස්ටරේකින් ගේනව. මම තනියම තමයි එහෙම ගෙනැල්ල මේව හදන්නෙ. පිරිමි කව්රුත් නෑනෙ .
නත්තල සැමරීම සඳහා ගවලෙන් හදමින් මාස 6 ක පමණ කාලයක් තම ශ්‍රමය වැය කරන මේ අම්මා වයස අවුරුදු 71 ක් වන නමුත් තම සැමියා වෙනුවෙන් මේ කරන අරගලය පැසසිය යුතුය. මෙය ඇය වෙනුවෙන් තබන සටහනක් සේම ඇයට යම් උපකාරයක් කළ හැකි කවරෙකු හෝ සිටීනම් අදාල දුරකතන අංකයද පහත සඳහන් කරමු.

ඇගේ දුරකතන අංකය -0766640847

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article