Sunday, May 12, 2024

තරුණයෙකුට මරු කැදවූ රිය අනතුර සිදුකල හිමිනමට ඇප

Must read

පසුගියදා තරුණයෙකුට ජීවිතය අහිමිකල රිය අනතුර සිදුකලැයි සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකල හිමිනම ලක්‍ෂ 15 ක ශරීර ඇපයක් මත නිදහස් කරන ලෙස රත්නපුර අතිරේක මහේස්ත්‍රාත් දුලාන් වීරවර්ධන මහතා ඊයේ (17)නියෝග කලේය.
ඒ අදාල හිමිනමගේ නීතීඥයින් විසින් කල ඉල්ලීම සැලකිල්ලට ගැනීමෙන් පසුවය.

මෙසේ ඇපමත මුදාහැරුණේ කලවාන පොතුපිටිය මිළිඳුතලාව ආරණ්‍ය සේනාසනයේ ඌරුමීවල කුසලඥාණ නැමැති හිමිනමකි.

කලවාන රත්නපුර ප්‍රධාන පාරේ උඩකරවිට දෙනියකඩේ ප්‍රදේශයේදී මෙම රිය අනතුර සිදුව තිබුනේ පසුගිය 13 වැනිදා සවසය.එම අනතුරෙන් 19 හැවිරිදි තරුණයෙක් මිය ගොස් තිබූ අතර තවත් තරුණයෙක් තුවාල ලබා රෝහල් ගත කර තිබුණි. අනතුර සිදුකල කැබිරථය පදවා තිබුනේ මෙම හිමිනම විසින් වන අතර හිමිනමට බලපත්‍රයක් නැති බව නිවිතිගල පොලිසිය බී වාර්තාවක් මගින් අධිකරණයට කරණු වාර්තා කර ඇත.

වැඩිදුර විභාගය 2020 මාර්තු මස 17 දිනට කල් තැබිණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article