Monday, May 13, 2024

වැලි ප්‍රවාහන බලපත්‍ර අවලංගු කිරිමෙන් මුලතිව්හි සිදුවන මහා පරිමාණ වැලිඡාවාරම

Must read

වැලි ප්‍රවාහන බලපත්‍ර අහෝසි කිරීමත් සමග වැලි ජාවාරම් කරුවන් විසින් මුලතිව්හි ප්‍රදේශ කිහිපයක සිදු කරගෙන යන නීතිවිරෝධී වැලි ගොඩදැමීම් හේතුවෙන් ප්‍රදේශයේ සාමාන්‍ය ජනතාව දැඩි අසීරුතාවයන්ට පත්ව සිටිති.

මුලතිව් අලම්පිල්, උප්පුමාවේලී, මුල්ලිවයික්කාල් ප්‍රදේශයන්හි පසුගිය දින කිහිපය තුළදී නීතිවිරෝධීව මහපරිමාණයෙන් වැලි ගොඩ දමා ඇති අතර එම ඉඩම් ප්‍රදේශයේ සාමාන්‍ය වැසියන්ට අයිතිව තිබුණද  රාත්‍රී කාලයේ වැලි ඡාවාරම් කරුවන් පැමිණ  මෙම වැලි ගොඩ දමා රැගෙන යන බවට ප්‍රදේශවාසීහු  පවසති.

වැලි රැගෙන යාමට බලපත්‍රයක් අනවශ්‍ය විම හේතුවෙන් වැලි ඡාවාරම්කරුවන් වැඩි වශයෙන් මුලතිව්හි රාත්‍රි කාලයේදී වැලි ගොඩ දැමීම සිදු කරන අතර මේ වන විටත් සාමාන්‍ය වැසියන්ගේ ඉඩම් රැසක් වැලි ඡාවාරම් කරුවන් විසින් වැලි කපා රැගෙන ගොස් ඇති බවට එම වැසියෝ  පවසති.

තම ඉඩම්වලින් රහසිගතව මෙලෙස වැලි රැගෙන යාම හේතුවෙන් තම ඉඩම් වර්ෂාවත් සමග ගිලා බැසීමේ අවධානමකට ලක්වන බැවින් වහාම වැලි ගොඩදැමිම  නැවැත්විමට බලධාරීන් පියවර ගන්නා ලෙසටද මුලතිව් වැසියෝ   වැඩිදුරටත් ඉල්ලා සිටිති.
ada.lk

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article