Friday, September 18, 2026
spot_img
spot_img
spot_img
spot_img

ද.කොරියාවේ විශයනිර්දේශයෙන් ඉංග්‍රීසි ඉවතට

Must read

ප්‍රාථමික පාසල් තුල පළමු හා දෙවන ශ්‍රේණි වල ඉගැනුම ලබන සිසුන්ට ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම තහනම් කිරීමට දකුණු කොරියානු ලබධාරීන් තීරණය කර තිබෙනවා. ප්‍රාථමික අධ්‍යාපන සමයේදී ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම නිසා ඇතිවන අහිතකර බලපෑම් අඩුකිරීමේ අරමුණින් මෙම තීරණය ගත්බවයි ද.කොරියානු බලධාරීන් පෙන්වා දෙන්නේ.

දෙවන භාසාවක් ඉගැනීම සදහා පළමු හා දෙවන ශ්‍රේණි ඉක්මන් වැඩි බවත් එම ශ්‍රේණි වලදී සමාජීය හැදියාව වැනි දේ පිළිබදව දරුවන් දැනුවත් විය යුතු බවයි එරට අධ්‍යාපන අමාත්‍යංශයේ ළමාවිය අධ්‍යාපනය සම්බන්ද නිලධාරීන් පවසන්නේ. නමුත් දෙමව්පියන් බොහෝ දෙනෙක් මුලින්ම දෙවන භාෂාවක් ඉගැනීම සදහා තම දරුවන් යොමු කිරීම වඩාත් ප්‍රථිඵලදායක වන බව විශ්වාස කිරීම නිසා මෙම තීරණය ගැටළුවක් බවට පත්වනු ඇති බවත් ඔවුන් පවසනවා. කෙසේ වෙතත් අධ්‍යපඥයින් හා ස්නායු විශේෂඥයන්ට අනුව දෙවන භාෂාවක් ඉගැනීම ආරම්භ කිරීම සදහා හොදම වයස තුන් වන ශ්‍රේණියයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article