Saturday, May 18, 2024

ඉතාලි දේශපාලනයේ වෙනස සිදුවී ඇත…

Must read

ඊයේ පැවැත්වූ මහා මැතිවරණයෙන් Movimento 5 Stelle නැමති පක්ෂය තනිවම තරඟ කර 32,3% ක ප්‍රතිශතයක් ලබමින් තනිවම තරඟ කළ පක්ෂයක් වශයෙන් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ඉදිරියෙන් සිටී.

දක්ෂිණාංශික පක්ෂ 4 ක් එකතුව මැතිවරණයට මුහුන දුන් අතර,Lega Nord පක්ෂයට 17,5% ක ප්‍රතිශතයක් ද,Forza Italia සිල්වියෝ බෙර්ලුස්කොනි ගේ පක්ෂයට 14,5% ක ප්‍රතිශතයක් ද,Fratelli Italia ජෝර්ජියා මෙලෝනිගේ පක්ෂයට 4,1 % ප්‍රතිශතයක් ද,Noi Italia Udc පක්ෂයට 1,2% ප්‍රතිශතයක් ද ලබාගෙන ඇත.

මෙහිදී වාමාංශික පාර්ශවයේ PD ප්‍රධාන පක්ෂයට ලබා ගත හැකිවූයේ 18,9% ක ප්‍රතිශතයක් බවත්,පසුගිය වසර 5 ක කාලය තුළ ඉතාලිය පාලනය කළ පක්ෂය එය බවත්,විශාල පසුබෑමකට ලක්ව ඇත.

මෙම මැතිවරණයෙන් ඉතාලිය නැවත ගැටලුවකට පත්වී ඇත.කිසිම කණ්ඩායමකට හෝ තනි පක්ෂයකට 40% ප්‍රතිශතය කරා හඹා යෑමට නොහැකි වීමෙන් රජයක් පිහිටුවීමට නොහැකි වී ඇත.

දක්ෂිණාංශික පක්ෂ එකතුව ගත් කලද වන්නේ 37.3 % ප්‍රතිශතයක් බවත්,දැනට පවතින තත්වය අනුව සම්මුති හවුල් ආණ්ඩුවකට යෑම කෙසේ වේදැයි ගැටලුවකි.

මෙහිදී බෙර්ලුස්කොනි ගේ පක්ෂය වන Forza Italia වලට වැඩියෙන් Lega Nord පක්ෂයට ඡන්ද ප්‍රමාණය වැඩිවීම උතුර් ඉතාලියේ වෙනසකට මෙන්ම එම පක්ෂ යේ වර්ධනය පෙන්නුම් කර ඇත.
Lega Nord පක්ෂයට මෙම ජයග්‍රහණය උදෙසා සරණාගතයින් ගේ පැමිණිම සහ විදේශිකයන්ගෙන් ඉතාලියට වන හානිය පිළිබඳව හඬක් නැගීම හේතුවක් විය.

තනි පක්ෂය ක් වශයෙන් Movimento 5 Stelle ලබාගත් ඡන්ද බහුතරයක් දකුණු ඉතාලියේ මෙන්ම මුහුදු කරයෙන් ලබාගෙන ඇත.

CENTRODESTRA 37,3%
CENTROSINISTRA 22,5%
MOVIMENTO 5 STELLE 32,3%
ලබාගෙන ඇත.

අගමැතිවරයෙක්,පාර්ලිමේන්තුව,සෙනට් සභාව සහ ඉදිරියේදි කෙසේ වේදැයි ඉතාලි ජනතාව බලා සිටී.
මෙවර ජනතාවට තම ඡන්දය පාවිච්චි කිරීම සඳහා.පැය ගනනක් පෝලිම් වල රස්තියාදු වන්නට සිදුවූ අතර,රාත්‍රියේ 23 වන පැයේදිත් ඡන්දය පාවිච්චි කිරීමට සිදුවූ අතර,මැතිවරණය සඳහා ප්‍රමාණවත් ඡන්ද මද්ධ්‍යස්ථාන නොතිබුන බවට ජනතාව මැසිවිලි නගන්නට වූ අතරම,ඡන්දය ප්‍රකාශ කිරීමට බොහෝදෙනෙකුට නොහැකි විය.

කෙසේහෝ තාරුණ්‍යයේ සහ මැදිවියේ හිත දිනාගත් Movimento 5 STELLE පක්ෂය අද ඉතාලියේ ප්‍රබල දේශපාලන වෙනසකට හවුල් වී ඇත.ඉතාලියේ දේශපාලන ව්‍යූහය වෙනස්ම අන්තයකට ඇදී යනු ඇත.

-එමිල් රෝහන්-
http://badusure.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article