Wednesday, May 15, 2024

දෙමාපියන්ගේ මිත්‍යා විශ්වාස නිසා ජීවිතයෙන් වන්දි ගෙවූ දරුවා

Must read

නිවසේ කාමරයක මියගොස් සිටියදී 10 හැවිරිදි පිරිමි දරුවෙකු සොයාගැනීමේ සෝචනීය පුවතක් බඩල්ගම,ආඩිමුල්ල ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

මෙම දරුවා පසුගිය 7 වනදා උගුරේ සෙම සිරවීමෙන් අසනීප තත්වයකට පත්ව ඇති අතර ඔහුගේ දෙමාපියන් විසින් ඔහුව වෛද්‍ය ප්‍රතිකාර සදහා රැගෙන නොගොස් සුවය පතා යාච්ඤා කිරීම සිදුකර ඇති බවත් පොලීසිය සිදුකල විමර්ශණ වලදී හෙලිවී ඇත.

මෙලෙස යාච්ඤා කරමින් සිටින අතරතුරදී දරුවා ජීවිතක්ෂයට පත්ව ඇති අතර දෙමාපියන් විසින් නැවතත් දරුවාගේ ප්‍රාණය ලබාගැනීම සදහා යැයි පවසමින් දිගින් දිගටම යාච්ඤාවේ යෙදී ඇති අතර කිසිදු අවස්ථාවක දරුවා ප්‍රතිකාර සදහා යොමු කර නොමැත.

පසුව ප්‍රදේශය පුරා යම් දුර්ගන්ධයක් පැතිර යාම හේතුවෙන් පොලීසියට ලද පැමිණිල්ලක් මත සිදුකල විමර්ශණ වලදී නිවසේ කාමරයක් තුල මියගොස් සිටි දරුවා සොයාගැනීමට පොලීසියට හැකිව තිබේ. සිදුවීම සම්බන්දයෙන් දරුවාගේ මව,පියා හා මිත්තණිය පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

මේ සම්බන්දයෙන් වන වැඩිදුර විමර්ශණ බඩල්ගම පොලීසිය විසින් සිදුකිරීමට නියමිත අතර සිදුවීම සම්බන්දයෙන් මීගමුව මහේස්ත්‍රාත්වරයා වෙත කරුණු වාර්තා කර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට නියමිතව ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article