Friday, May 17, 2024

කොරෝනා ආසාදිතයන් 35%කින් ඉහළට

Must read

පසුගිය සතියට සාපේක්ෂව මෙරට කොරෝනා ආසදිතයින්ගේ සංඛ්‍යාව 35% කින් පමණ ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.එමෙන්ම කොරෝනා මරණ සංඛ්‍යාවද 15%කින් ඉහළ ගොස් ඇත.

මේ සම්බන්දයෙන් අදහස් දක්වමින් කොවිඩ් රෝග වැළැක්වීමේ ජාතික සම්බන්ධීකාරක විශේෂඥ වෛද්‍ය අන්වර් හම්දානි මහතා සඳහන් කළේ මෙතෙක් කිසිදු එන්නත් මාත්‍රාවක් ලබා නොගත් ලක්ෂ 11 කට අධික පිරි එන්නත්කරණය සඳහා ජංගම එන්නත්කරණ වැඩසටහන් ආරම්භ කර ඇති බවයි. ඊට අමතරව එන්නත්කරණය සදහා පොදු ස්ථාන හා ආගමික ස්ථන ආශ්‍රිතව ද එන්නත්කරණ කඳවුරු පිහිටුවා ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.

කොවිඩ් ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තා වන පසුබිම තුල කොවිඩ් මර්දන බූස්ටර් මාත්‍රාව ලබාගැනීම කඩිනමින් සිදු කළ යුතු බව ද වැඩිදුර අදහස් දක්වමින් වෛද්‍ය අන්වර් හම්දානි මහතා සඳහන් කළේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article