Friday, May 3, 2024

දෙමළ සිරකරුවන් ගැන දකුණ තාමත් නිහඬයි !සාම වැඩමුළු ගානේ ගිය අය, අද දැන්වත් රෙඩිද???

Must read

ජාතික ගැටළුවට දේශපාලන විසදුමක් ලබාදිම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ දිනවල වැඩි උනන්දුවකින් කටයුතු කර බව පෙනේ.

එයට පසුබිම සකසමින් දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරිම සහ උතුරේ ජනයාගේ ඉඩම් හමුදාව විසින් අත්පත්කකරගෙන තිබිම ගැනද දැනටමත් අවධානය යොමුවී ඇති බව පෙනේ.

දශකයකටත් වැඩි කාලයක් තිස්සේ නඩුත් නැතිව සිරගතව සිටින දමිළ දේශපාලන සිරකරුවන්ගේ ප්‍රශ්ණය දකුණට සැබැවින්ම ගානක්ම නැති ගානය.

සාම වැඩමුළු වලට හෝටල් ගානේ යන එන අයට මෙන්ම දකුණේ වාමාංශික දේශපාලන පක්ෂවලට මේ ගැන වගේ  වගක් නැතිවා සේය.

හමුදාව විසින් අත්පත් කරගෙන සිටින දෙමළ ජනයාගේ ඉඩම් ලබා දෙනු යැයි කියමින් දකුණේ අරගලවලදි බැනර් එසවුනේ නැත. වසන්ත ඇතුලේ  සිටින නිසා නත්තලක් නැතැයි කියන්නට ෆේස් බුක් බැනර් හදන බුකි අරගලකරුවන්ටද දශකයකටත් වැඩිකාලයක් නඩුත් නැතිව හිරේ තපින දෙමළ දේශපාලන සිරකරුවන් ගැන  ගැන නිනව් නැතිවිම අප තේරුම් ගන්නේ කෙසේද ?

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article