රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) මඩකලපුවේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන පක්ෂ කාර්යාලයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මඩකලපුව දිස්ත්‍රික් නායකයින්ගේ රැස්වීම පවත්වා ඇතැයි නිව්ස් වයර් වෙබ් අඩවිය වාර්තා කොට තිබේ.
මේ මස මුලදී වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාර පරිශ්‍රයන්හි සිදු වූ සිද්ධීන් සම්බන්ධයෙන් ආන්දෝලනයට තුඩු දුන් රත්වත්තේ පසුගිය සති දෙක තුළ ඔහු පොදු වැඩවලදි වලදී දැක ගත නොහැකි විය.
බන්ධනාගාර පරිශ්‍රයට කඩා වැදුණු බවට සහ සිරකරුවන්ට ගිනි අවියක් පෙන්වා තර්ජනය කළ බවට චෝදනා එල්ල වීමෙන් පසු රත්වත්තේ සිය බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමති ධුරයෙන් ඉල්ලා අස්වී තිබුණි.
ඔහු සිය මන්ත්‍රිධුරයෙන් පවා ඉවත් කළ යුතු යැයි පාර්ලිමේන්තුවේ සිටින ප්‍රබල දෙමළ දේශපාලන පක්ෂ කිපයක්ම ප්‍රසිද්ධ නිවේදන ඉදිරිපත් කරමින් අවධාරණය කර තිබුණි.