Monday, May 20, 2024

අත්‍යවශ්‍ය භාණ්ඩ කිපයක මිළ ලබන සතියේ වැඩිවෙයි ?

Must read

කිරි පිටි කිලෝවක මිල රුපියල් 200 කින් ඉහළ දැමීම සඳහා ඊයේ (24) රැස්වූ ජීවන වියදම් කිමිටුවේදී තීරණය වී ඇති අතර ඒ් අනුව

ග්‍රෑම් 400 ක කිරිපිටි පැකට්ටුවක මිලද රුපියල් 80 කින් ඉහළ යනු ඇති බවටයි වාර්තා වේ . සීනි ආනයනය කිරීම සඳහා අවසර ලබාදීමට ද මෙහිදී තීරණය වී තිබේ.

කෙසේ වෙතත් සමාගම් ඉල්ලීම් කර ඇත්තේ කිරිපිටි කිලෝවක මිල රුපියල් 350 කින් සහ ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 140 කින් වැඩිකරන ලෙසය.

මිට අමතරව තිරිඟු පිටි කිලෝග්‍රෑම් 01ක් රුපියල් 10කින් ද, සිමෙන්ති කොට්ටයක රු. 50 කින් සහ ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රු. 550කින් ඉහළ දැමීමට නිර්දේශ ඉදිරිපත් වී ඇති බව සඳහන්ය.

කෙසේ වුවත් මෙම මිල ගණන් ඉහළ දැමීම සම්බන්ධයෙන් අවසන් තීරණය ලබන සඳුදා රැස්වෙන කැබිනට් මණ්ඩලයේදී තීරණය කෙරනු ඇත.

අදායම් මාර්ග අහිමිව සිටින ජනයාට මේ ආකාරයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිළ ඉහල යාම යනු ඒ ආශ්‍රිත ආහාර පාන රැසක මිල අනිවාර්යෙන්ම ඉහලයට යනු ඇත.
පසුගිය දිනවල බාර් විවෘත රජයට අදායම් මාර්ග වැඩිකරගැනිමට සැලසුම් කර තිබුණද සුරා බදු දෙපාර්තාමේන්තුව කියා තිබුනේ මත්පැන් ආදායම් 60% කින් පහලට ගොස් ඇති බවය.
ඇතැම් රජයේ ඇමතිවරු බාර් විවෘත කිරිම ගැන කරුණු කියද්දි රජයෙන් සහන ඉල්ලන ජනයාට මත්පැන් මිළට ගැනිමට මුදල් වල කිසිදු හිගයක් නැති බව කියා තිබුනද දැන් රටේ යථාර්ථය ඇස්පනා පිටම ඔප්පු වෙමින් තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article