Monday, May 20, 2024

දෙමළ මාධ්‍ය මර්ධනය එරෙහිව මාධ්‍යවේදින්ගේ විරෝධය !

Must read

 

ඝාතනයට ලක්වූ මාධ්‍යවේදීන්ට යුක්තිය පසිඳලීම ඇතුළු සහ මාධ්‍ය මර්දනයට එරෙහිව  ජනහමුවක් හා  විරෝධතාවයක් වවුනියාවේදි  පැවැත්වුනි.  වවුනියාව මාධ්‍ය සමාජය විසින් මෙම ජනහමුව සංවිධානය කර තිබුණේ වවුනියාව පැරණි බස් නැවතුම්පොළ ඉදිරිපිටදීය. මාධ්‍ය නිදහසට බාදා පැමිණවිම නතර කර මාධ්‍ය නිදහස  තහවුරු කිරිම. මාධ්‍යවේදින්ට බොරු නඩුව පැවරීම් සහ මාධ්‍යෙව්දින්ට සිදුකරන හිරිහැර නවත්වන ලෙස මෙම විරෝධතාවයේදි මාධ්‍යවේදින් විසින් හඩනගන ලදි.
2009 වසරේ යුද්ධය අවසන් වන තුරුත්  බලධාරීන්  ප්‍රචණ්ඩත්වය මගින් දමිළ මාධ්‍යවේදීන්ගේ ජීවිත නැතිකල බවත් මාරුවෙන් මාරුවට ලංකාවේ බලයට එන අය දෙමළ මාධ්‍ය මර්දනය කිරීම නොනවත්වා සිදුකරන බවත් මාධ්‍ය වේදින් අවධාරණය කන ලදී.

විරෝදතාවයට සහභාගි වූ මාධ්‍යවේදියෙක් අදහස් දක්වමින් මෙසේ පැවසීය.

”මේ ආණ්ඩුව විකල්ප මත මර්දනය කරමින්, මාධ්‍ය මර්දනය කරමින් ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සීමා පනවනවා. න  වවුනියාවේ සේවය කරන ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට දිගින් දිගටම පොලිසියෙන් තර්ජන එල්ල වෙනවා. ඒ නිසා අපි මාධ්‍යවේදීන් ලෙස ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම වෙනුවෙන් හඬ නඟන බව බලධාරීන්ට දන්වා සිටිනවා. ‘

ඒ වගේම විකල්ප මත මර්දනය කරන, මාධ්‍ය මර්දනය කරන, ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සීමා කරන මේ ආණ්ඩුව, වවුනියාවේ සේවය කරන ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට දිගින් දිගටම පොලිසියෙන් තර්ජන එල්ල වෙනවා. ඒ නිසා අපි මාධ්‍යවේදීන් ලෙස ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම වෙනුවෙන් හඬ නඟන බව බලධාරීන්ට දන්වා සිටිනවා.

විරෝධතාවය වව්නියාව පැරණි බස් නැවතුම්පොළෙන් ආරම්භ වී වවුනියාව ප්‍රධාන පොලිස් ස්ථානය දක්වා පැමිණ පැරණි බස් නැවතුම්පොළෙන් අවසන් විය.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article