Friday, May 10, 2024

වැසි කාලගුනයෙන් පසු යාපනය දිස්ත්‍රික්කයේ ඩෙංගු අවදානමක්

Must read

 අද (2023.12.04) වනදා හදිසි ඩෙංගු මර්දන කාර්ය සාධක රැස්වීම් නල්ලූර් සහ යාපනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල පැවැත්විණි. මීළඟ පියවරක් ලෙස ග්‍රාමීය මට්ටමේ ඩෙංගු මර්දන ක්‍රියාකාරී රැස්වීම් කඩිනමින් පවත්වන ලෙස උපදෙස් දෙන ලදී.

යාපනය දිස්ත්‍රික්කයට වැසි සහිත කාලගුණයෙන් පසු  නොවැම්බර් මස අවසන් සතියේ සිට ඩෙංගු ව්‍යාප්තිය ශීඝ්‍රයෙන් ඉහළ යන බව නිරීක්ෂණය වි ඇත. යාපනය දිස්ත්‍රික්කයෙන් මේ වසර අවසන් වන විට රෝගීන් 2203ක් සහ මරණ දෙකක් වාර්තා වී තිබේ. මෙම වසරේ යාපනය දිස්ත්‍රික්කයේ , සැප්තැම්බර් මාසයේදී රෝගීන් 110 ක්, ඔක්තෝම්බර් මාසයේදී 118 ක්, නොවැම්බර් මාසයේදී 427 ක් සහ දෙසැම්බර් පළමු දින තුන තුළ 82 ක් හඳුනාගෙන ඇත.

නොවැම්බර් මාසයේදී එකතු කරන ලද රෝගීන් නල්ලූර්, යාපනය, කෝප්පායි සහ චන්දිලිප්පායි යන සෞඛ්‍ය නිලධාරී ඒකකවල හඳුනාගෙන ඇත. නොවැම්බර් මාසයේ දී නල්ලූර් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර සැප්තැම්බර් මාසයේ රෝගීන් 19 ක්, ඔක්තෝම්බර් මාසයේදී රෝගීන් 23 ක්, නොවැම්බර් මාසයේ රෝගීන් 108 ක් සහ දෙසැම්බර් පළමු දින තුන තුළ රෝගීන් 34 ක් වාර්තා වි තිබේ.

නල්ලූර් වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ රෝගීන්ගෙන් වැඩි පිරිසක් කොකුවිල්, කොන්ඩාවිල්, තිරුනෙල්වේලි සහ වන්නර්පන්නයි ප්‍රදේශවලින් හඳුනාගෙන ඇත. ඩෙංගු ව්‍යාප්තිය දිනෙන් දින ඉහළ යමින් පවතින මෙම තත්ත්වය තුළ ඩෙංගු මර්දන ක්‍රියාමාර්ග කඩිනම් කිරීමේ අවශ්‍යතාව මතුව තිබේ.

 

එම්.මතිවානන්

 

 

 

 

 

 

 

 

 

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article