Monday, May 20, 2024

කොක්කුතොඩුවායි – පුලිබයින්තකල් ප්‍රදේශයේ ඉදිකළ අනවසර ධීවර වාඩි ඉවත්කර නැහැ

Must read

කොක්කුතොඩුවායි උතුරු කොටසේ  පුලිබයින්තකල්  වෙරළ තීරය   පිටස්තර පුද්ගලයින් විසින්  නීති විරෝධී ලෙස අත්පත් කරගෙන ඇත. මෙම ධීවර  වාඩි තනා ඇත්තේ  අගෝස්තු මාසයේදීය. මාස දෙකහමාරක් යනතුරු බලධාරීන් කිසිදු පියවරක් ගෙන නොමැති බවට චෝදනා එල්ල වී තිබේ.

උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී දුරෙයිරාසා රවිකරන් මහතා මේ බව පැවසුවේ යළිත් නව වඩි ඉදිකරමින් සිටින බවට ලද තොරතුරක් මත එම ස්ථානයට ගොස් තත්ත්වය සොයා බැලීමෙන් අනතුරුවය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

කොක්කුතොුවායි  උතුරු ප්‍රදේශය අතර පුලිබයින්තකල් වෙරළට යාබදව අක්කර ගණනාවක් දමිළ ජනතාවට කුඩා ධාන්‍ය වගාව සඳහා ඒ වන විටත් ලබාදී තිබුණි. එය දැන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පවරාගෙන ඇත.

වෙරළබඩ දෙමළ ධීවරයන් පාරම්පරිකව රැකියා කරගෙන යනවා. මීට මාස දෙකහමාරකට පෙර කොකුතොඩුවායි ධීවර සංවිධානය සහ එහි සේවය කරන දෙමළ ධීවරයින් විසින් ග්‍රාම සේවකයාට මෙම වාඩි ඉදිකර ව්‍යාපාර කරන බවට පැමිණිල්ලක් කර මටද දැනුම් දුන්නා. ග්‍රාමසේවක විසින් දැනුම් දිලා තියෙනවා අයින්කර ගන්න කියලා. නමුත් ඔවුන් අයින් කරගෙන නෑ.

අප දැනටමත් එම සාකච්ඡාවේදී සඳහන් කර ඇති පරිදි බුද්ධ භික්ෂුවක් එහි වඩින බවටත් පවුල් 300කට අධික සංඛ්‍යාවක් පදිංචි කිරීමට යන බවටත් තොරතුරු ජාතියේ ජනතාවට දැනුම් දී ඇත. කෙසේ වෙතත්, පැමිණ සිටි පිරිසට මේ පිළිබඳව කරුණු පැහැදිලි කිරීමෙන් පසු ඔවුන් කරයිතුරෙයිපත්තු ඉඩම් දෙපාර්තමේන්තුවේ අතිරේක ප්‍රධාන අමාත්‍යවරයාට සහ ඉඩම් නිලධාරියාට දන්වා සිටියේ අනවසරයෙන් මෙවැනි ආක්‍රමණ සිදුවන බවත්, දින 28ක් ඇතුළත ඉවත් කිරීමට නියමිත වඩි බවත්ය. නමුත් එම නීතියට අනුව, අද (2023.10.14) මාස දෙකහමාරක් තිස්සේ ඉවත් කර නොමැත.

දැවැන්ත සංක්‍රමණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක විම ව්‍යර්ථ කිරීමට කටයුතු කළ යුතුයි. ඔහු කියා සිටියේ අනවසරයෙන් ඇතුළු වන වාඩියක් පිහිටුවීම වැරදි ක්‍රියාවක් බවයි.

ෂන්මුගම් තවසිලන්

 

 

 

 

 

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article