Saturday, May 4, 2024

දෙනුවර මැණිකේ නොවැම්බර් 01 වනදා සිට උඩරටට

Must read

ඡායාරූපය අන්තර්ජාලයෙන් උපුයාගත්තකි.
මෙරටට අළුතින්ම ගෙන්වන ලද S-14 වර්ගයේ බලවේග කට්ටල දුම්රිය උඩරට දුම්රිය මාර්ගයට එක් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇති අතර උඩරට දුම්රිය මාර්ගය සදහා ජනතාවගෙන් අඅති අධික ඉල්ලුම මීට හේතු වී ඇත.
‘දෙනුවර මැණිකේ’ ලෙස නම් කර ඇති මෙම සුඛෝපභෝගී දුම්රිය ලබන මස පළමු වනදා සිට කොළඹ කොටුවෙන් ධාවන කටයුතු ආරම්භ කර බදුල්ල දුම්රිය ස්ථානය දක්වා ධාවනය කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දෙයි.
මෙම දුම්රියේ පළමු පන්තියේ වායු සමනය කල මැදිරි ඇති අතර එහි රූපවාහිනි, ජංගම දුරකතන ආරෝපන පහසුකම්ද ඇත. එමෙන්ම සියළුම මැදිරි වල මහජන ඇමතුම් පද්ධතියක්ද ස්ථාපිතය.
මෙම දුම්රිය සදහා ආසන කලින් වෙන් කරවා ගත හැකි අතර
  • කොළඹ කොටුවෙන් – පෙ.ව. 6.45ට ගමන් අරබා පස්වරු 3.27ට බදුල්ලට ලගා වීමට නියමිතය.
  • පසුදින බදුල්ලෙන් පිටත් වන අතර බදුල්ලෙන් පෙ.ව.7.20ට ගමන් අරබා කොළඹ කොටුව වෙත ප.ව.4.03ට ලගා වීමට නියමිතය.

ප්‍රවේශ පත් මිල ගණන්

  • වායු සමනය ල පළමු පන්තිය
    • නානු ඔය – රු. 1500.00
    • ඇල්ල – රු. 1600.00
    • බදුල්ල – රු. 1700.00
  • දෙවන් පන්තිය
    • නානු ඔය – රු. 800.00
    • ඇල්ල –  රු. 900.00
    • බදුල්ල – රු.1000.00
  • තුන්වන පන්තිය
    • නානු ඔය – රු. 500.00
    • ඇල්ල – රු. 600.00
    • බදුල්ල –  රු. 700.00
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article