Saturday, May 18, 2024

ජනපති අපේක්ෂකයන් ප්‍රවර්ධනය වන වැකි – සලකුණු – ඡයාරූප වාහනවල ප්‍රදර්ශනය තහනම්

Must read

අපේක්ෂකයන් ප්‍රවර්ධනය වන ආකාරයේ වැකි, සලකුණු සහ ඡයාරූප වාහනවල ප්‍රදර්ශනය කිරීම මැතිවරණ නීතියට අනුකූල නොවන බැවින් වහාම එවැනි ස්ටිකර් සහ කොඩි ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිසම පොලීසියට දැනුම් දී තිබේ. ත්‍රී රෝද රථවලත්, බස් රථවලත් සෙසු පුද්ගලික වාහන වලත් ජනාධිපති අපේක්ෂකයන් ප්‍රවර්ධනය වන ආකාරයේ ස්ටිකර් සහ කොඩි ප්‍රදර්ශය වන බවට මැතිවරණ කොමිසන් සභාවට ලැබී ඇති පැමිණිලි සැළකිල්ලට ගෙන එම නියෝගය නිකුත් කැර ඇත.

අපේක්ෂකයන් ප්‍රවර්ධනය කිරීමේ එවැනි ක්‍රියාවන් 1981 අංක 15 දරණ ජනාධිපතිවරයා තෝරා පත් කැර ගැනීම පිළිබඳ පනතේ 74 වැනි වගන්තිය යටතේ වරදක් වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කෙළේය.

පෞද්ගලික බස් රථ, ත්‍රී රෝද රථ ඇතුළු සියළුම පෞද්ගලික වාහන වල අලවා ඇති එම ස්ටිකර් සහ කොඩි ගලවා ඉවත් කිරීමට සෑම පොලිස් බල ප්‍රදේශයක්ම ආවරණය වන ආකාරයේ හදිසි පරීක්ෂාවන් කරන ලෙස නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට, කොට්ඨාශභාර පොලිස් නිලධාරීන්ට පොලිස් ස්ථානාධිපතිවරුන්ට ද අවශ්‍ය උපදෙස් මේ වන විටත් නිකුත් කැර ඇති බව ද මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
dinamina.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article