Monday, May 20, 2024

දූෂණය කර මරා දැමූ දැරිවියගේ මිනිමරුවාට දඩුවම් පමුණුවන ලෙස විරෝධතා

Must read

 

මන්නාරම – තලෙයිමන්නාරම ගම්මානයේ ඊයේ (15දා) රාත්‍රියේ අතුරුදන් වූ 10 හැවිරිදි දැරියක් සිකුරාදා (16දා) පෙරවරුවේ එම ප්‍රදේශයේ පොල් වත්තක් පිටුපසින් මියගොස් සිටියදී සොයා ගැනිණි.  එම ගම්මානයේ නැවතී වත්තක් පවත්වාගෙන යන පුද්ගලයකු දැරියගේ මරණයට වගකිව යුතු බවට සැකපිට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධිය පිළිබඳ වැඩිදුර තොරතුරු 

ඊයේ බ්‍රහස්පතින්දා (16) රාත්‍රියේ යන්සි නමැති 10 හැවිරිදි දැරිය සිය මවගේ නිවසේ සිට ළඟම ඇති කඩයට ගොස් තිබේ.කඩයට ගිය දැරිය බොහෝ වේලාවකින් නිවසට නොපැමිණීම නිසා ඥාතීන් තලෙයිමන්නාරම පොලිස් ස්ථානයට පැමිණිලි කර  දැරිය සොයන්නට පටන් ගෙන ඇත.තවද ඔවුන් එම පොල් වත්තට ගොස් එම සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී තමන් කිසිවක් නොදන්නා බව පවසා ඇති අතර ඥාතීන් තවදුරටත් දැරිවිය ගැන නැවත සොයා බලන ලදී.

පසුව ප්‍රදේශයේ CCTV දර්ශන මගින්  මෙම  පුද්ගලයා එම තරුණිය පිටුපසින් යන බව අනාවරණය විය.

මෙම තත්ත්වය තුළ එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම් වලට ල්කරන අතරතුර  රාත්‍රිය පුරා දැරිවිය ගැන  සෝදිසි කර ඇත. අද (16) පෙරවරුවේ පෞද්ගලික පොල් වත්තක් පිටුපස තිබී දැරියගේ මළ සිරුර හමුවී ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම අත්අඩංගුවට ගත් පුද්ගලයා පිළිබඳව පොලිසිය විමර්ශනය කිරීමේදී ඔහුගේ හැඳුනුම්පතේ  ත්‍රිකුණාමලය, කුචවේලි, කේ.වී.අබ්දුල් රහමන් (අවු. 52) ලෙසයි.  එම පුද්ගලයා තලෙයිමන්නාරම ප්‍රදේශයේ පදිංචිව සිටින අතර ඔහුගේ නම විජයේන්ද්‍රන් ලෙසින් බව ද දැනගන්නට ඇත.

සිද්ධිය වූ ස්ථානයට පැමිණි මන්නාරම නියෝජ්‍ය මහේස්ත්‍රාත්වරයා දේහය පරීක්ෂා කර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලට භාරදීමට නියෝග කරන ලදී.

දැරියගේ දෙමාපියන් පුත්තලම දිස්ත්‍රික්කයේ පූංගුලම් ප්‍රදේශයේ නැවතී ව්‍යාපාරික කටයුතුවල නිරතව සිටින අතර එම හේතුවෙන් මෙම දැරියගේ සහෝදර සහෝදරියන් 4 දෙනා තලෙයිමන්නාරම ගම්මානයේ ඇගේ මවගේ නිවසේ පදිංචිව සිටිති.

සිද්ධියට විරෝධය පා  තලෙයිමන්නාරම ගම්මානයේ ජනතාව මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ නිරත වූ අතර, චූදිතයන් වහා එල්ලා මරා දමන ලෙස ඉල්ලා සටන් පාඨ ද නැගූහ.

එස්.ආර්.ලැම්බර්ට්

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article