Monday, May 20, 2024

සෙන්තිල් තොණ්ඩමාන් මාස පහක් තුළ ජනතා ඉල්ලීම ඉටු කරයි!

Must read

යුද්ධයෙන් විපතට පත් අම්පාර දිස්ත්‍රික්කයේ තිරුකෝවිල් ප්‍රදේශයේ ජනතාවට මාස පහක කාලයක් තුළ නිවාස ඉදිකර ලබාදීම නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමාන් මහතා අතින් සිදු විය.

යුද්ධයෙන් පීඩාවට පත් අම්පාර දිස්ත්‍රික්කයේ තිරුක්කෝවිල් ප්‍රදේශයේ ජනතාව යුද්ධයෙන් පීඩාවට පත්ව නිවාස නොමැතිව දැඩි දුෂ්කරතාවලට මුහුණ පා සිටින අවස්ථාවක මේ පිළිබඳව අම්පාර දිස්ත්‍රික් ලේකම් හා තිරුක්කෝවිල් ප්‍රාදේශීය ලේකම්වරයා විසින් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමාන් මහතාගේ අවධානයට යොමු කරන ලදී.

ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමාන් මහතා අම්පාර දිස්ත්‍රික්කයේ තිරුක්කෝවිල් ප්‍රදේශයට පැමිණ ජනතාවගේ දුක්ගැනවිලිවලට සවන් දී ජනතාවගේ ඉල්ලීම් පිළිගෙන මාස පහක කාලයක් තුළ ඔවුන් සඳහා නිවාස ඉදිකර දී ඒවා ඔවුන් වෙත භාර දුන්නේය.

තිරුක්කෝවිල් ප්‍රදේශයේ ජනතාව තම ඉල්ලීම කෙටි කලකින් ඉටු කිරීම පිළිබඳව සෙන්තිල් තොණ්ඩමාන් මහතාට සිය කෘතඥතාව පළ කළහ.

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article