Saturday, May 18, 2024

තලෙයිමන්නාරමේ දී මියගිය දැරිය ලිංගික අතවරයට ලක්කර ගෙල සිරකර මරාදමලා

Must read

තලෙයිමන්නාරම උර්මානෙයි ගම්මානයේ දී 10 හැවිරිදි දැරිය ඝාතනය කළ සැකකරු පැය 48ක් රඳවා තබා ගැනීමට අධිකරණය අද අවසර දෙන ලදී.
තලෙයිමන්නාරම, ඌර්මානෙයි ගම්මානයේ 10 හැවිරිදි දැරියක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයා ඉදිරි පැය 48 සඳහා පොලිස් අත්අඩංගුවේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට මන්නාරම අධිකරණය සෙනසුරාදා (17) අවසර ලබාදී තිබේ.

තලෙයිමන්නාරම ඌර්මානෙයි ගම්මානයේ 10 හැවිරිදි දැරියකගේ සිරුර ඊයේ (16) සොයාගත් අතර , සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ත්‍රිකුණාමලය කුචවේලි ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි සැකකරුවෙකු අද පස්වරුවේ පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.


මේ අතර මන්නාරම දිස්ත්‍රික් නියෝජ්‍ය මහේස්ත්‍රාත් එස්.ජෙපනේසන් ලොකු මහතා සැකකරු ඉදිරි පැය 48ක කාලයක් පොලිස් භාරයේ තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දුන්නේය.

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා පොලිස් භාරයට ගෙන ඇත.

මේ අතර දැරියගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අද (17) යාපනය ශික්ෂණ රෝහලට රැගෙන ආ අතර, සෙනසුරාදා (17) පෙරවරු 10.30 ට පශ්චාත් මරණ පරීක්ෂණයට ලක් කෙරිණි.

පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ අධිකරණ වෛද්‍ය නිලධාරී චෙලතුරෙයි ප්‍රනාවන් පැවසුවේ දැරිය දූෂණය කර ගෙල සිරකර ඝාතනය කර ඇති බවයි.

එස්.ආර්.ලැම්බර්ට්

 

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article