Sunday, May 12, 2024

අම්පාරේ ප්‍රදේශ කීපයක් හුදකලා කෙරේ

Must read

කොරෝනා ආසාදනය පැතිරීම හේතුවෙන් හුදෙකලා කිරීමෙන් පසුව අම්පාර දිස්ත්‍රික්කය තුළ අක්කරයිපත්තු පොලීසියෙන් ආරක්‍ෂාව තහවුරු කර ඇති අතර පොලිස් , හමුදා යතුරුපැදි බළකාය මෙම ප්‍රදේශවල මුර සංචාරයේ යෙදී සිටී. ඊයේ (28) උදේ සිට සවස පලමුණායි, අදලයිචෙනෙයි සහ අක්කරයිපත්තු ඇතුළු ප්‍රදේශවල ප්‍රධාන වෙළඳපොළවල් සහ පොදු ස්ථානවල ආරක්ෂක අංශව  ආරක්ෂක මෙහෙයුම්වල නිරත වේ.  27 වනදා අක්කරයිපත්තුවේන්  ලබාගත් තවත් සාම්පල 4 ක් පිළිබඳව PCR වාර්තා මගින් කොවිඩ් -19 ආසාදනය තහවුරු කිරීමෙන් අනතුරුව මෙම ක්‍රියාව වේගවත් කර තිබේ.

අක්කරයිපට්ටු පොලිස් කොට්ඨාශයේ , අක්කරයිපත්තු, අලයාදිවෙම්බු සහ අදලයිචෙනෙයි යන කොට්ඨාශ  හුදකලා  ඇඳිරි නීතිය පනවා තිබේ. අද (29) ඇඳිරි නීතියේ තුන්වන දිනයයි.

මේ අතර, අක්කරයිපත්තු පොදු වෙළඳපොල ප්‍රදේශයේ PCR පරීක්ෂණයෙන් හඳුනාගත් කොරෝනා ආසාදිත පුද්ගලයින් 31 දෙනෙකු පලමුනායි සහ පාදියතලාව කොරෝනා ප්‍රතිකාර රෝහල්වලට ඇතුළත් කර ඇති අතර ඒ සමබන්ධ තොරතුරු  ප්‍රදේශයේ පූජනීය ස්ථානවල ශබ්ද විකාශන යන්ත්‍ර මගින් වාර්තා කරනු ලැබේ.

කල්මුණෙයි  ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජී. සුකුනන් මහතා පැවසූවේ කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇති අයගේ පවුල් හඳුනාගෙන හුදෙකලා වී ඇති අතර ආසාදිතයින් රැගත් බස් රථය සහ ඔවුන්ගේ ස්ථාන සියල්ලම විෂබීජහරණය කර ඇති බවයි.

ඒ අතරම, කලාපීය මෙහෙයුම්, රෝහල්, බැංකු සේවා සහ පොදු ප්‍රවාහන සේවා වැනි අත්‍යවශ්‍ය සේවාවන් සීමිත ප්‍රමාණයකට ලබා දෙන බව දක්නට ලැබේ.

වීදිවල මහජනයාගේ සංචරනය අඩු බැවින්  ගවයන් සහ එළුවන් ප්‍රධාන වීදිවල වාසය කරන අතර ඔහුන් නිදහසේ සැරිසරති.

??????


දේවා

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article