Friday, May 3, 2024

දැඩි උණුසුම් සහිත කාලගුණික තත්වය මැයි 3 සතියෙන් පසු අවසන් …..

Must read

දිවයිනට බලපා ඇති දැඩි උණුසුම් සහිත කාලගුණික තත්ත්වය මැයි මාසයේ 3වන සතියෙන් පසුව පහව යනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එහි නාවැකිකරණ අංශයේ අධ්‍යක්ෂ ආචාර්ය ශිරෝමනී ජයවර්ධන පැවසුවේ එම කාලය වනවිට නිරිතදිග මෝසම් සුළං ශ්‍රී ලංකාව හරහා දේශගුණිකව ස්ථාපනය වීමට නියමිත බැවින් එලෙස උණුසුම් තත්ත්වය පහව යනු ඇති බවයි.

මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදුකරමින් ඇය මෙලෙස පැවසීය,

“දැන් අපි ඉන්නේ නිරිතදිග මෝසම පටන් ගන්න අතර කාලයේ.මේ කාලයේ ශ්‍රී ලංකාව හරහා නිෂ්චිත සුළං රටාවක් නෑ. සුළඟේ වේගය හුඟක්ම අඩුයි. ඒ නිසා අප අවට පරිසරය ජල වාෂ්ප වලින් ඉතාමත්ම ගහනයි. ඒ ජල වාෂ්ප ගහන වීම නිසා අපේ දහඩිය වාෂ්ප වීමක් සිද්ධ වෙන්නේ නෑ. ඒ නිසා අපේ සිරුරට පරිසර උෂ්ණත්වයට වඩා වැඩි උෂ්ණත්වයක් දැනෙනවා. මේ තත්ත්වය සමනය වෙන්න නම් නිරිත දිග සුළං හොඳින් ශ්‍රී ලංකාව හරහා ස්ථාපනය වෙන්න ඕනේ. බොහෝ විට මැයි මාසේ 3වන සතිය වෙන විට නිරිතදිග මෝසම සුළං ශ්‍රී ලංකාව හරහා ස්ථාපනය වෙනවා දේශගුණිකව. ඉන් පසුව මේ දැනෙන මේ දැඩි උණුසුම් ගතිය පහව යනවා.”

(අරුණ )

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article