Tuesday, May 7, 2024

දන්සල් පැවැත්වීමට නිර්ණායක ඉදිරිපත් කෙරේ.

Must read

මේ සතිය අවසානයේදී යෙදී ඇති වෙසක් පොහොය දිනය නිමිත්තෙන් දන්සල් පැවැත්වීමේ දී පහත නිර්ණායක යොදා ගැනීම සුදුසු බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් නිමල් කොටවලගෙදර මහතා සියළුම දිස්ත්‍රික් ලේකම්වරු හා ප්‍රාදේශීය ලේකම්වරු වෙත දැනුම් දී ඇත.ඒ අනුව විවිධ ආයතන, සංවිධාන හා පුද්ගලයින් සංවිධානය කරනු ලබන සියළු ආකාරයේ දන්සල් වලදී පහත සදහන් නිර්ණායක අනුගමනය කල යුතුයි. මෙසේ නිර්ණායක පැනවීමට මූලික හේතුව වී අත්තේ  දන්සල් පවත්වන මුවාවෙන් මුදල් රැස්කිරීමේ ජාවාරම්වල යෙදෙන බවටත්, එම මුදල් නිසි ලෙස වැය නොකරන බවටත් වාර්තා වන බැවින් බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් තවදුරය=ටත් සදහන් කර ඇත.

එම නිර්ණායක පහත දැක්වේ.

01. දන්සල් පැවැත්වීමේ දී අදාළ ප්‍රදේශයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ අවවාද අනුශාසනා හා අදාළ ග්‍රාම නිලධාරී ගේ දැනුවත් වීම මත සිදුවීම.

02.දන්සල්වලට ආධාර එකතුකිරීම සඳහා අදාළ ප්‍රදේශයේ විහාරාධිපති ස්වාමින් වහන්සේගේ සහ අදාළ ග්‍රාම නිලධාරීගේ නිර්දේශය ලබා ගැනීම සිදුකළ යුතු අතර දන්සල පැවැත්වීමේ දී මහජනතාව පීඩාවට පත් නොවන ලෙස සිදු කිරීම හා ඝෝෂාකාරී සංගීතය යොදා නොගැනීම.

03. සෞඛ්‍යාරක්ෂිත ලෙස ආහාරපාන පිළියෙළ කිරීමට කටයුතු කිරීම.

04. දන්සල් සඳහා ජනතාව යොමු කිරීමේ දී බෞද්ධ කොඩිය භාවිත නොකොට ඒ වෙනුවට කහ පැහැති කොඩියක් භාවිත කිරීම.

05. මත්වතුර, මත්ද්‍රව්‍ය, දුම්වැටි භාවිතයෙන් වැළකී කටයුතු කිරීම.

06. සැදැහැ සිතින් හා ආචාරශීලිව කටයුතු කිරීම.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article