Thursday, June 4, 2026

දඩමස් සමඟ ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට

Must read

 

ගාල්ල ඉමදූව, ඇල්ලලගොඩ, හපුගොඩවත්ත ප්‍රදේශයේ පවත්වාගෙන ගිය දඩමස් ජාවාරමක් වටලා, කබල්ලෑ මස් සහ ගෝන මස් යැයි සැකකෙරෙන මස් ඇතුළු දඩමස් තොගයක් සමඟ 43 හැවිරිදි සැකකරුවෙකු වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

වනසත්ත්ව අඩවි ආරක්ෂක චතුර ගුණරත්න මහතා විසින් හික්කඩුව ජාතික උද්‍යානයේ උද්‍යාන භාරකරු ඩබ්.එස්. නිශාන්ත මහතාට ලබාදුන් තොරතුරක් මත පසුගිය අප්‍රේල් 27 වැනිදා මෙම හදිසි වැටලීම සිදුකර ඇත.

වැටලීමේදී ගෝන මස් සහ කබල්ලෑ මස් යැයි සැකකෙරෙන මස් මෙන්ම, වල් ඌරු මස්, ඉත්තෑ මස් විකිණීම සඳහා සන්තකයේ තබාගෙන සිටි සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු නඩු භාණ්ඩ සමඟ ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු, ගරු මහේස්ත්‍රාත්වරයා විසින් සැකකරු රු. ලක්ෂ 3ක ශරීර ඇපයක් මත මුදාහැර ඇත. මස් ගබඩා කර තිබූ අධිශීතකරණය රු. ලක්ෂ 2ක බැඳුම්කරයක් මත නිදහස් කර තිබේ.

අත්අඩංගුවට ගත් මස් තොගය මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ විනාශ කළ අතර, සැකකෙරෙන මස් වර්ග පිළිබඳ නිශ්චිත තහවුරුවක් ලබාගැනීම සඳහා සත්වෝද්‍යාන වාර්තා කැඳවන ලෙසද නියෝග කර ඇත. නඩුව 2026 අගෝස්තු 06 වැනිදා යළි කැඳවීමට නියමිතය.

වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ කබල්ලෑ සහ ගෝන යන සතුන් ආරක්ෂිත, වඳවීමේ තර්ජනයට මුහුණ දී ඇති වන සතුන් ලෙස නම් කර ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article