Friday, May 17, 2024

දකුණෙන් උතුරට සංහිඳියා චාරිකාවක්

Must read

 

 150603170906_jafna_media_protest_512x288_ksu_nocreditයාපනයේ මාධ්‍යවේදීන් විරෝධතාවයකට එක් වූ මොහොතක්

ජනමාධ්‍ය කටයුතු පිලිබඳ ඇමතිවරයා, නියෝජ්‍ය ඇමතිවරයා, මාධ්‍ය කටයුතු සම්බන්ධ නිලධාරීන් සහ ජනමාධ්‍යවේදීන් වේදීන් ඇතුළු 128 දෙනෙකුගෙන් යුත් නියෝජිත පිරිසක් මාර්තු 26 වැනිදා යාපනය බලා යාමට නියමිතව තිබේ.

මීට වසරකට පමණ පෙර කුරුණෑගල දී මාධ්‍ය නිදහස සඳහා වූ ක්‍රියාකාරී කමිටුවේ දී හමුවූ යාපනයේ මාධ්‍යවේදීන් පිරිසක් ජනමාධ්‍ය ඇමතිවරයාගෙන් කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් මෙසේ උතුරේ සංචාරයක යෙදෙන බවයි එම කමිටුවේ කැඳවුම්කරු වන ෆ්‍රෙඩී ගමගේ සංදේශයට කියා සිටියේ.

සංහිඳියාව

දකුණෙන් උතුරට මාධ්‍යවේදීන් රැගෙන යාමේ මුලික අරමුණ වන්නේ සංහිඳියාව බව පැවසූ ඔහු පසුගිය රජය සමයේ දී ප්‍රහාරයට ලක් වූ මාධ්‍ය ආයතන වලට යාම, ඝාතනයට ලක්වූ උතුරේ මාධ්‍යවේදීන්ගේ පවුල් වල අය මුණගැහීම, එසේ ඝාතනයට ලක් වූ මාධ්‍යවේදීන් ගේ පවුල් තුනක් සඳහා නිවාස ඉදිකිරීමට මුල්ගල තැබීම සහ යාපනයේ ජනමාධ්‍යවේදීන් ආරක්ෂක හමුදාවන්ගේ ක්‍රියාකලාපය නිසා තවමත් මුහුණ දෙන ගැටළු පිලිබඳ දෙපාර්ශවය සාකච්ඡා කිරීම යන කරුණු කර ගෙන මේ සංචාරයේ නිරත වන බවයි වැඩිදුරටත් කියා සිටියේ.

ඔහු සඳහන් කළේ යාපනේ ජනමාධ්‍යවේදීන් සඳහා යතුරු පැදි ලබාදීමද මේ සමගම සිදුවනු ඇති බවයි.

උතුර සහ දකුණ

උතුරේ මෙන්ම දකුණේත් ඝාතනයට ලක් වූ මාධ්‍යවේදීන් වෙනුවෙන් සාධාරණයක් ඉටු කිරීම සඳහා මෙම සංචාරය මගින් යම් පිටු බලයක් ලැබේ දැයි සංදේශය විමසු අවස්ථාවේ ෆ්‍රෙඩී ගමගේ පවසා සිටියේ දැනටමත් පසුගිය දෙසැම්බර් 10 වෙනිදා ඝාතනයට ලක් වූ මාධ්‍යවේදීන් 44 දෙනෙකුගේ විස්තරාත්මක ලැයිස්තුවක් අගමැතිවරයාවෙත ඉදිරිපත් කර ඇති අතර යාපනයේ දී ජනමාධ්‍ය අමාත්‍යවරයා සහ ආරක්ෂක අංශ ප්‍රධානීන් ඇතුළු පිරිස හමුවේ මෙම කාරණය පිලිබඳ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි.

“සිවරාම් ගේ දස වැනි සංවත්සරය අපි මඩකලපුවේ දී සංවිධානය කළා එතකොට සුගිත් රාජන් ගේ දහවැනි සංවත්සරය අපි කල්මුණේ දී සංවිධානය කළා. මේ සියල්ලේ අරමුණ වෙන්නෙ යට යන්න නොදී මෙම මාධ්‍ය වේදීන් ට යුක්තිය ඉෂ්ඨ කිරීම” යනුවෙන් පැවසූ ඔහු මෙම යාපනය සංචාරයේ අරමුණද දෙසැම්බර් 10 වැනිදා මතුකළ කරුණු පිලිබඳ සමාජය තුළ මතයක් ගොඩ නැගීම බවයි කියා සිටියේ.
BBC සංදේශය

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article