Thursday, May 16, 2024

වසර 21 කට පෙර දුම්රියෙන් උතුරට ගිය සාම චාරිකාව … !

Must read

එදා – 1995.පෙබරවාරි

පසුගිය දශක තුනක කාලය තුලදි විශාල ජනමාධ්‍යවේදින් පිරිසක් සහෝදරත්වයේ චාරිකාවක් සදහා උතුරට අවස්ථාව ලෙස මාර්තු 26 වනදා යාල්දේවියෙන් යාපනය බලා යන ගමන සදහන් කළ හැකිය.
1995 වසරේ පෙබරවාරි මස 16 වෙනිදා අමානුෂික ඝාතනය කරනු ලැබු විජය කුමාරතුංග මහත සිහිකරමින් කොළඹ සිට විශේෂ සාම දුම්රියක් වව්නියාව දක්වා ගමන් ගති.

දකුණින් ගිය පිරිස වව්නියාවේදි පිළිගනිමින්
දකුණින් ගිය පිරිස වව්නියාවේදි පිළිගනිමින්
චාරිකාවට සම්බන්ධ වු භාරත ලක්ෂ්මන් ,ජයතිලක බණ්ඩාර ,ප්‍රෙඩි ගමගේ
චාරිකාවට සම්බන්ධ වු භාරත ලක්ෂ්මන් ,ජයතිලක බණ්ඩාර ,ප්‍රෙඩි ගමගේ

ඒ සදහා විශාල පිරිසක් මහත් උද්යෝගයෙන් යුතුව සම්බන්ධව වි තිබුණි.
මේ ගමන සුවිශේෂි දෙවන කොටස ලෙසින් ක්‍රියාත්මකව තිබුනේ වව්නියාවේ සිට යාපනය බලා කිලාලි කලපුව ඔස්සේ එල්.ටි.ටි.ඊ පාලනය ප්‍රදේශය කරා ගිය සංවාරයයි.

කිලාලි කලපුව
කිලාලි කලපුව
ජයතිලක බණ්ඩාර කිලිනොච්චියේදි පැවැති මහජන හමුකදි ගිත ගායනා කරමින්
ජයතිලක බණ්ඩාර කිලිනොච්චියේදි පැවැති මහජන හමුකදි ගිත ගායනා කරමින්
දකුණෙන් ගිය පිරිස පිළිගන්නට කිලිනොච්චියේ පැවැති රැස්විමක
දකුණෙන් ගිය පිරිස පිළිගන්නට කිලිනොච්චියේ පැවැති රැස්විමක
දකුණෙන් ගිය පිරිස පිළිගැනිම සදහා යාපනේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල භුමියේ පැවැති රැස්විමක
දකුණෙන් ගිය පිරිස පිළිගැනිම සදහා යාපනේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල භුමියේ පැවැති රැස්විමක්

මේ සදහා දේශපාලකයන් සිවිල් සමාජ ක්‍රියාධරයන් සහ මාධ්‍යවේදින් රැසක් එක් සිටියහ.
මේ ගමනට සම්බන්ධව සිටි දේශපාලකයන් අතර නැසි ගිය ශ්‍රි ලංකා මහජන පක්ෂයේ වයි.පී.ද සිල්වා මහතා මෙන්ම භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතාද විය.
එමෙන්ම වාසුදේව නානායක්කරා මහතා ,මෙන්ම ජයදේව උයන්ගොඩ,හිටුප ඌව පළාත් සභාවේ සභාපති මානෙල් රත්නායක ,ජනතාවාදි කලාකරු ජයතිලක බණ්ඩාර ශ්‍රිලංකා මානවහිමිකම් එකතුවේ සම්බන්ධිකරණ ලේකම් ප්‍රෙඩි ගමගේ ද විය.
මේ ඓතිහාසික ගමන සදහා එවකට සමාජ ක්‍රියාකාරිත්වයන්හි ප්‍රබල ලෙස නිරතව සිටි බෞද්ධ භික්ෂුන් වහන්සේලා දෙනමක්ද විය.
එනම් මහගල්කඩවල පියරතන හිමි සහ බද්දේගම සමිති හිමිය.
වව්නියාව දක්වා මේ පිරිස ශ්‍රිලංකා හමුදාවන් විසින් යුධ මුක්ත කලාපය හරහා එල්ටිටිඊ සංවිධානය වෙතට භාරකෙරන අතර ඉන් අනතුරුව කිලිනෝචිචිය බලා ගොස් ප්‍රධාන මුලස්ථානයේදි විශේෂ හමුවක් පැවැත්විණි.
විශාල ජනතාවක් සහභාගි වු ප්‍රසිද්ධ රැස්විමක්ද එහි සංවිධානය කර තිබුණි.
ඉන් අනතුරුව කිලාලි කලපුව හරහා යාපනයට ලගාවුන අතර එහිදි එල්ටිටිඊ සංවිධානයේ න්‍යායචාර්ය ඇන්ටන් බාලසිංහම් හා විශේෂ සාකච්ජාවක්ද පැවැත්විණි.

වයි.පි,වාසු ,භාරත ලක්ෂ්මන්,නිලාර් එන් කාසිම්,ප්‍රෙඩි ගමගේ
වයි.පි,වාසු ,භාරත ලක්ෂ්මන්,නිලාර් එන් කාසිම්,ප්‍රෙඩි ගමගේ
සමිත හිමි සහ නඩේෂන්
සමිත හිමි සහ එල්ටිටිඊ පොලිස්පති නඩේෂන්
වාසු, නඩේෂන්මානෙල් රත්නායක,ජයදේව උයන්ගොඩ
වාසු, නඩේෂන්මානෙල් රත්නායක,ජයදේව උයන්ගොඩ

යාපනයේදි මේ පිරිස භාරගනු ලැබුවේ සුදා මාස්ටර් සහ දයා මාස්ටර් විසිනි.
මේ ගමනට සමබන්ධ වු සැමට ජිවිතේ කිසිදා අමතක නොවන ගමනක් වුවාට සැකයක් නැත

එදා මාධ්‍යවේදින් නාවතැන් ගත් සුභාෂ් හෝටලය
එදා මාධ්‍යවේදින් නාවතැන් ගත් සුභාෂ් හෝටලය

ජනතාවාදි කලාකරු ජයතිලක බණ්ඩාර විසින් කිලිනොච්චියේ එල්ටිටිඊ මුලස්ථානයේදි ඉන්දියන් හමුදාවට එරෙහිව උපවාස කළ තිලිපන් පිළිබදව කෝ.ආනන්ද හමුදුරුවන් විසින් රචනා කරන ලද ගීතය ගයානා කිරිමද විශේෂත්වයකි.
එවකට කිලිනොච්චි කලාපය භාරව සිටියේ කරිකාලන් විසිනි.

අද – 2016 මාර්තුcountdown FB AD 2-01

වසර 21 කට පසුව 2016 මාර්තු 26 වනදා යාල්දේවියෙන් යාපනය බලා යන සංහිදියාවේ චාරිකාව සදහා සියළු කටයුතු නිමවෙමින් තිබේ.
එන්න එකට හුස්ම ගන්න යන්න තේමා කොට ගෙන තල්පතයි පන්හිඳයි එකට යාකෙරෙන සංහිදියා චාරිකාව යාල්දේවියෙන් යාපනය බලා ගමන් ආරම්භ කිරිම 2016 මාර්තු 26 වනදා 6.30ට සිදුවිමට නියමිතය.
මේ සදහා ජනමාධ්‍ය ආමත්‍ය ගයන්ත කරුණාතිලක ,ජනාමධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන ,අමාත්‍ය ලේකම් නාරම්පනාව මහතා ඇතුළු නිළධාරින්ද ජනමාධ්‍ය සංවිධාන නියෝජිතයන්ද ,ජනමාධ්‍යවේදින්ද ඇතුළුව 112 දෙනෙකු විශේෂයෙන්ම සැරසිලි කරන ලද දුම්රිය මැදිරි දෙකක් සහිත යාල්දේවියෙන් චාරිකා කරනු ඇත
www.mediafreedomlk.com

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article