Saturday, May 18, 2024

තෙල් කොටාවත් ඉහලට ! භාණ්ඩ 843 ක තහනමත් ඉවතට .!

Must read

ශ්‍රී ලංකා මහ බැංකුව ආනයන සඳහා පනවා ඇති සීමාවක් ලිහිල් කරමින් භාණ්ඩ වර්ග 843 කට එම භාණ්ඩ ආනයනය කිරීමේදී භාණ්ඩල සම්පූර්ණ වටිනාකමට සමාන මුදල් තැම්පතුව හෙවත් ‘මුල් ආන්තික අවශ්‍යතාව’ (කෑෂ් මාර්ජින්) සීමාව ඉවත්කර තිබේ.

මෙම භාණ්ඩ 843 ට ජංගම දුරකථන, ශීතකරණ, විදුලිපංකා සහ පළතුරු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක් ඇතුළත් බවත් මෙම තීරණයත් සමඟ ඉදිරියේදී අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල පහත බසිනු ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මේ අතර විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ, ඒ අනුව යතුරුපැදියක් සඳහා මෙතෙක් පැවැති ලීටර් 7ක ඉන්ධන කෝටාව ලීටර 14ක් දක්වා ඉහළ දමා ඇති බවයි.

මගී ප්‍රවාහන ත්‍රිරෝද රථයක් සඳහා මෙතෙක් පැවැති ලීටර 15ක ඉන්ධන කෝටාව ලීටර 22ක් දක්වා ඉහළ දමා ඇත.

සාමාන්‍ය ත්‍රිරෝද රථයක් සඳහා ලබාදුන් ඉන්ධන කෝටාව ඉහළ දමා ඇත්තේ, ලීටර 14ක් දක්වායි.

ලීටර 30ක්ව පැවැති මෝටර් රථ ඉන්ධන කෝටාව ලීටර 40ක් දක්වා ඉහළ දැමුණි.

වෑන් රථයක් සඳහා ලබාදුන් ඉන්ධන කෝටාව ඉහළ දමා ඇත්තේ, ලීටර 30 සිට ලීටර 40 දක්වායි.

ඊට අමතරව ලීටර 60 ක්ව පැවැති බස් රථ සඳහා ඉන්ධන කෝටාව ඊයේ (30)  මධ්‍යම රාත්‍රියේ සිට ලීටර් 125 දක්වා ඉහළ දැමූ බව අමාත්‍යාංශය සඳහන් කළේ ය.

ලීටර 75ක්ව පැවැති ලොරි සඳහා වන ඉන්ධන කෝටාව ලීටර 125ක් දක්වා ඉහළ දමා ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article