Sunday, May 12, 2024

තායි එයාර්වේස් වසර 4 කට පසු යළිත් ලංකාවට ….

Must read

තායි එයාර්වේස් යනු කව්රුත් කැමැත්තෙන් ගුවන් ගමන් වලදි තෝරාගන්නට වැඩි කැමැත්තක් දැක්වු සේවාවකි. කෙසේ වෙතත් පසුගිය කාලය තුල එය ලංකාව කරා පැමිණිම අත්හිටුටා තිබුණි.කෙසේ වෙතත් වසර හතරකට පසු තායි එයාර්වේස් ගුවන් සමාගමට අයත් TG 307 දරණ ගුවන්යානය ඊයේ රාත්‍රී 11.55 ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත ලඟා විය.

එය තායිලන්තයේ බැංකොක් නුවර සිට පැමිණි අතර මෙහි තායි ජාතිකයින් ඇතුළු විදේශීය සංචාරකයින් 150 ක් පමණ පැමිණ සිටිය අතර මෙම ගුවන්යානය අප්‍රේල් 01 (අද) දින පෙ.ව.7.05 ට නැවත තායිලන්තය බලා පියාසර කර ඇති අතර, සෑම දිනකම තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර ගුවන් මෙහෙයුම් සිදු කෙරෙන බව කටුනායක ගුවන් තොටුපල බලධාරීන් පවසා ඇත

මෙම ගුවන්යානය සහ සංචාරකයින් පිලිගැනීම සඳහා වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ගුවන්තොටුපල පැමිණීමේ පර්යන්තයට පැමිණි සිටි අතර,ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම විසින් විශේෂ සංස්කෘතික නර්තන අංග කීපයක්  ද පවත්වා තිබුණි

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article