Friday, May 3, 2024

ජාතික සමඟියට ගිනි බින්ද ඥානසාර හිමිට ජම්පරයක් සමඟ අංකයක්..

Must read

ජාතීන් අතර අසමගිය ඇති කිරීමේ චෝදනාවට වැරදිකරු කරමින් වසර හතරකට බරපතළ සිරදඬුවම් නියම කරන ලද ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මේ වන විට වැලිකඩ බන්ධනාගාර R වාට්ටුවට යොමු කර තිබෙන බව ලංකා සි නිව්ස් වෙබ් අඩවිය වාර්තා කර තිබේ

මීට පෙර එම වාට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතාද රඳවා සිටි බවද එම  පුවතේ වැඩිදුරටත් සදහන්ය.

වැලිකඩ බන්ධනාගාරයේදී ඥානසාර හිමියන්ට සිරකරුවන් වෙනුවෙන් ලබාදෙන ජම්පරය භාරදී තිබෙන අතර මෙවර ඥානසාර හිමියන් කිසි විරෝධයක් නොපා සිවුර ඉවත් කර ජම්පරය බාරගෙන එය ඇඳගෙන ඇති බවද වාර්තා වෙයි.

එය අනුව මේ වන විට ඥානසාර හිමියන්ගේ නම ලෙස සිරකරු අංකයක් ලබා දී ඇති අතර බන්ධනාගාරය තුළදී එම අංකයෙන් පමණක් අමතනු ලබයි. ඥානසාර හිමියන්  රාජපක්ෂ පාලන සමයේදි හැසිරුනේ බුද්ධ පුත්‍රයෙකු ලෙස නොව පිස්සන්ට හැතැක්ම නැති ගානට කටයුතු කළ චණ්ඩියෙකු ලෙසය. ඒ සකලාකාර චණ්ඩිකම් දැන් නිකම් නිකම් අංකයක් බවට පත්ව තිබේ. දෛවයේ සරදිම්න් ගැලවිමට රාජපක්ෂලාට මෙන්ම ඔවුන්ගේ  ගිහි පැවැදි ගෝලයන්ටද කිසිවිටකත් නොහැකි බව ඉතිහාසය විසින්ම දැන් සනාථ කර හමාරය. ඥානසාර හිමියන් අංකයක් පමණක් බවට පත්විම ඊට කදිමට සාක්ෂි සපයා දි තිබේ

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article