Saturday, May 18, 2024

තායිලන්ත ගුහාවේ සිරවී සිටින දරුවන් බේරා ගැනීමට ගුහාවේ ජලය ඉවත්කිරීමට තීරණයක්

Must read

 

ගුහාව කුල සිරවී සිටින කණ්ඩායමේ දරුවන්
ගුහාව කුල සිරවී සිටින කණ්ඩායමේ දරුවන්

 

එම දරුවන් සිය දෙමව්පියන් සමග කථාකල අවස්ථාවක්
එම දරුවන් සිය දෙමව්පියන් සමග කථාකල අවස්ථාවක්

මේ දිනවල ලොව පුරා කාගේත් අවදානය සොරාගත් සිදුවීමක් වන්නේ තායිලන්තයේ ගුහාවක සිරවී සිටින පාපන්දු කණ්ඩායමේ කුඩු දරුවන් 12 දෙනා හා ඔවුන්ගේ පුහුණුකරුගේ වර්ථමාන තත්වය පිළිබදව වන සිදුවීමයි.

මේ වන විට පිරිස එම ගුහාව තුල සිරවී දින 12ක් ගතවන අතර එපමන කාලයක් ගුහාවක් තුල සිටියත් ඔවුන් සියළුදෙනාම යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවීම කාගෙත් සතුතට කරුණක් විය. කෙසේ හෝ ඔවුන් නිරුපද්‍රිතව සොයාගැනීමෙන් අනතුරුව ඔවුන්ට අවශ්‍ය ආහාරපාන මෙන්ම වෛද්‍යපහසුකම් ලබාදීමටත් වෛද්‍යවර්යක් හා හෙදියක් ඇතුළු කිමිදුම් කණ්ඩායමක් පසුගියදා ඔවුන් වෙත ලගා විය.

මේ වන විට මුදාගැනීමේ කණ්ඩායම් වල බරපතලම ප්‍රශ්ණය වී ඇත්තේ මේ පිරිස ගුහාවෙන් පිටතට ගන්නා ආකාරයයි. එහිදී එක් විසදුමක් ලෙස ඔවුන්ට කිමිදීම ඉගැන්වීම ඉදිරිපත් වූ අතර වර්ෂා කාලය අවසන්ී ගුහාවේ ජල ප්‍රමාණය අඩුවන තෙක් ගුහාවට වී සිටීමද විසදුම් අතර වූ නමුත් එහිදී මෙම කණ්ඩායමට එලඹෙන නොවැම්බර් මාසය පමණ දක්වා ගුහාවේ ජීවත්වීමට සිදුවන බවද පැවසිණි. ඉදිරි සති අන්තයේදී නැවතත් වර්ෂාව ආරම්භ වීමට නියමිත අතර එම ජලයෙන් මෙම ගුහාවේ බොහෝ කොටස් පිරීයනු ඇති බවද තායිලන්ත බලධාරීන් අනතුරු අගවයි. කණ්ඩායම ගුහාව තුලට ඇතුළ වීමෙන් පසු ඇතිවූ වර්ෂාවෙන් පසු පිරීගිය ගුහාවේ ඇතැම් ස්ථාන හරහා කිමිදීම තායිලන්තයේ නාවික හමුදාවේ සීල් හමුදා නිලධාරීන්ටත් අපහසු කාර්යයක් බවයි පැවසෙන්නේ. ඒ නිසාම මේ කණ්ඩායම ඉවතට ගැනීමේ වෙනත් සෙළුීම සදහා නිරන්තරයෙන් සාකච්ඡා පැවැත්විණි.  නමුත් නවතම මාධ්‍ය වාර්ථා සදහන් කරන්නේ  ඔවුන් පිටතට ගැනීමට එම ගුහාවේ ජලය ඉවත් කිරීමට සුදානම්වන බවයි.  ඒ අනුව ගුහාවේ සිට පිටතට ජලය පොම්ප කිරීමට නියමිත ය‍.

ඒ අතර ගුහාව තුල සිටින සියළුම දරුවන්ට අවශ්‍යකරල ආහාර හා ජලය ලබාදීමද දිගින් දිගටම සිදුවේ.

64831710
2-53
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article