Wednesday, May 15, 2024

ත්‍රස්ත පණත ඇතුළු මර්ධන පණත් ගැන කියන්න සිවිල් සමාජය නැගෙනහිරට යයි !

Must read

වත්මන් රජය විසින් ගෙන එනු ලැබූ සහ ගෙන එන්නට නියමිත අන-පනත් පිළිබඳව මහජනතාවගේ අදහස් විමසීමේ සහ දැනුවත් කිරීමේ අරමුණෙන්, මහජන සම්මන්ත්රණයක්  16.03.2024 දින මඩකළපුව සමූපාකාර ශ්රවණාගාරයේ දී  සංවිධානය කර තිබුණි.

 

සිවිල් සංවිධාන රැසකගේ සහය ඇතිව පැවැත්වූ මෙම මහජන සම්මන්ත්රණයේදී මූලිකවම ගෙන එන්නට නියමිත ප්රති ත්රස්ත පනත පිළිබඳව සහ දැනට තිබෙන ත්රස්ත පනත මගින් මහජනතාවගේ මූලික අයිතිවාසිකම් වලට එල්ල කර ඇති බලපෑම පිළිබඳව නීතීඥ ස්වස්තිකා ආරුලිංගම් විසින් දීර්ග පැහැදිලි කිරීමක් කර තිබුණ අතර  ක්ශුද්ර මූල්ය ණය නියාමන අධිකාරී පනත, සමාජ මාධ්ය නියාමන පනත මගින් මිනිස් නිදහසට එල්ල කර ඇති බලහත්කාරී බලපෑම ගැනද ඇය සිය අවධානය යොමුකර තිබුණාය.
.නැගෙනහිර පළාතේ පොදු ජන ජීවිතයට වඩා සමීප ජීවනෝපාය වූ ධීවර රැකියාවට බාධා පමුණුවන්නට ගෙන එන, ධීවර පනත් කෙටුම්පත පිළිබඳව, ධීවර සහයෝගීතා ව්යාපාරයේ මඩකළපුව දිස්ත්රික් සංවිධායක, එම් එන් ඒ නුසාක් සිය අදහස් ඉදිරිපත් කරනු ලැබීය.
සාකච්ඡාවෙන් අනතුරුව, නැගෙනහිර පළාතේ සිවිල් ක්රියාකාරීන් හා ජනතාව එක්ව, මඩකළපුව නගර මධ්යයෙදී විරෝධතාවක් හා මහජන පෙත්සමකට අත්සන් තැබීම වැඩසහනක්ද සංවිධානය කර තිබුණි
මේ සම්බන්ධයෙන් අප කරන ලද විමසුමකදි නැගෙනහිර සමාජ දේශපාලන ක්‍රියාධරයෙකු පවසන්නට යෙදුනේ ත්‍රස්ත පණත ගැන දැන් දකුණේ සිවිල් සමාජය අවදි වි තිබුනද ඒ පණතින් දශක ගණනාවක් පුරා බැටකන ලද උතුරු නැගෙනහිර ජනයාගේ ගැටලුවට අවදිවි තිබුනේ නැති බවය.
එමෙන්ම දකුණේ දේශාපාලන හා සමාජ කණ්ඩායම් වලටද ත්‍රස්ත පණතට එරෙහිව පාරට බැස තිබුනේ දකුණේ ශිෂ්‍ය ව්‍යාපාරයේ නායකයන් අත්අඩංගුවට ගැනිමෙන් පසුව පමණක් බවය.
ඒ අය මඩකලපුවට පැමිණ සිංහලෙන් ලියු තේමා බැනර් වල පවා සදහන්ව තිබුනේ ත්‍රස්ත පණත යටතේ මාස කිපයක් රදවාගෙන සිටි සිසු නායකයන්ගේ නම් පමණක් බවත් . දශක ගණනාවක් තිසේසේ මොරටු සරසවියේ දමිළ සිසුවෙකුද ඇතුළු විශාල පිරිසක් සිරගතව සිටියද ඔවුන්ට ඒ ගැන වගක්වත් තිබුනේ නැති බවත්ය.
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article