Monday, April 29, 2024

ඉන්දීය ධීවරයින් 146ක් අත්අඩංගුවට …

Must read

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2024 වසරේ දී ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී ඉන්දීය දඩයම් ට්‍රෝලර් යාත්‍රා 18ක් සහ ඉන්දීය ධීවරයින් 146ක් අත්අඩංගුවට ගෙන ඇතැයි ඩේලි මිරර් වෙබ් අඩවිය වාර්තා කර තිබේ

මෙයට අදාලව නවතම සිදුවීමක් ලෙස ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 21 දෙනෙකු ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා දෙකක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත් ව තිබුණි

නාවික හමුදාව පැවසුවේ, ඊයේ අඳුරේදී ඉන්දීය ධීවර යාත්‍රා ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන් පළවා හැරීම සඳහා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කළ අතර, මෙම මෙහෙයුමේදී මෙම පිරිස අත්අඩංගුවට ගත් බව ය.

විදේශීය ට්‍රෝලර් යාත්‍රා වල නීතිවිරෝධී ධීවර කටයුතු මැඩලීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව ශ්‍රී ලංකා මුහුදු සීමාවේ නිරන්තර මුර සංචාර සහ මෙහෙයුම් අඛණ්ඩව සිදු කරනු ලබන්නේ දේශීය ධීවරයින්ගේ ජීවනෝපාය කෙරෙහි එම ක්‍රියාවලීන්ගේ බලපෑම සැලකිල්ලට ගනිමිනි.

අත්අඩංගුවට ගත් ට්‍රෝලර් යාත්‍රා සහ ඉන්දීය ධීවරයින් 21 දෙනෙකු කන්කසන්තුරේ වරාය වෙත රැගෙන ඒමෙන් අනතුරුව ඉදිරි නීතිමය කටයුතු සඳහා මයිලඩි ධීවර පරීක්ෂක වෙත භාර දීමට කටයුතු කෙරිණි.

මේ අතර උතුරේ ධිවරයන් දැන් දශක ගණනාවක් තිස්සේ ඉන්දිය ධිවරයන් විසින් උතුරු මුහුදේ සම්පත විනාශ කරමින් මාලු සම්පත කොල්ල කන ආකාරය සදහටම නවතා දමන්නට කටයුතු කරන ලෙසින් සියලු බලධාරින්ගෙන් ඉල්ලා සිටියද එය තවමත් සිදුවෙමින්  පවති.

මුලාශ්‍රය – ඩේලි මිරර්
ඡායා – navy.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article