Wednesday, May 1, 2024

කොට කොට යන මරික්කාර්ට හොට පැටලෙයි !

Must read

සජබෙ කටහැකර චරිත දෙකක් ඉන්නවා.ගහින් ගහට කොට කොට යන මේ දෙන්නා හොට පටලාවාගන්න වාර අනන්තයි.ඒකේ පිරිමි පාර්ශවය නියෝජනය කරන්නා තමයි මරික්කාර් .කාන්තා පාර්ශවයේ නියෝජනය කරන්නේ නැගපු තැන අනුරට කුණුකතා පට්ටපල් බොරු කියල හත්පලේ ගාගන්න හිරුණිකා.ලගදිත් අනුර ගැන කියන්න ගිහින් ටියුෂන් ගුරුවරයෙකුගෙනුත් මෙයා පච වුනා.අනුරලට බනින හැටියෙන්ම ⁣⁣තේරෙනවා මෙයාලට දවස ගානේම දැන් සොහොන් ලකුණු පේන හැටි…

මේ ලගදි මරික්කාර් මෙහෙම කියල තිබුනා.ඒ කුලියපිටියේ රැස්විම ගැන..

“රටේ සිටින තරුණ පරම්පරායට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සීයා කෙනෙක්. ජනාධිපති රනිල් වික්‍රමසිංහ කුලියාපිටියට ලංකාවේ සිටින සියලුම පළාත් පාලන අපේක්ෂකයන්ව ගෙනල්ලා පොඩි විනෝදයක් ගත්තා. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් කුලියාපිටියේ පැවැති ජන රැළිය නම් කරලා තිබුණේ සැබැව කියලා. 2017 ජනවාරි 07 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ කුලියාපිටියේ දී කිව්වා වොක්ස් වැගන් කර්මාන්ත ශාලාවක් ආරම්භ කරනවා කියලා. වොක්ස් වැගන් කර්මාන්ත ශාලාවක් කෙසේවෙතත් බයිසිකලයක් හදන කර්මාන්ත ශාලාවක්වත් ජනාධිපති රනිල් වික්‍රමසිංහට හදා ගන්න බැරි වුණා. වොක්ස්වැගන් කර්මාන්තශාලාවක් කුලියාපිටියේ හදනවා කියලා ජනතාව රැවැට්ටුවා වගේම ජනතාව රවට්ටන වැඩක් තමයි සැබැව කියලා කුලියාපිටියේ දී පැවැත්වුවේ.

මාස 17 ක කාලයක සිට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලංකාවේ විවිධ පළාත්වල සංචාරය කරනවා. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සංචාරයකට ගිය අවස්ථාවේ ඔහු කිව්වා ත්‍රිකුණාමලය ආයෝජන කලාපයක් කරනවා කියලා. නුවරඑළිය දිස්ත්‍රික්කයේ සංචාරයකට ගිය අවස්ථාවේ ඔහු කිව්වා නුවරඑළිය දිස්ත්‍රික්කය සංචාරක කලාපයක් කරනවා කියලා. ගාල්ල දිස්ත්‍රික්කයේ සංචාරයකට ගිය අවස්ථාවේ ඔහු කිව්වා ගාල්ල පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති කලාපයක් කරනවා කියලා. මේවැනි දේවල් කිව්වට තවම කිසිදු දෙයක් රට වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිදුකරලා නෑ.

මේ වගේ කතා කියන මරික්කාර්ට අමතකයි  වොක්ස්වැගන් නැතත් බයිසිකල් නෙමේ හෙටට ගැ⁣ලපෙන විදුලි ත්‍රිරෝද රථ කම්හලක්  මෑතකදි ආරම්බ වෙනවා.

ඒ විතරක් නෙම් සංචාරක කලාප නෙමෙයි රටම දැන් සංචාරක පුරයක් කියල මරික්කාර්ට  නොපෙනෙන හැටි කියන්නේ පට්ටම කුහක කම මිසක් වෙන් දෙයක්  නෙමෙයි.

සතියකට දැන් ලංකාවට සංචාරකයන් කියක් එනවද කියල ගණන් හදාගන්නවත් මෙයාට මතක නැ.

සජිත්ටම ගැලපෙන මරු ඩබල.කටඇරියොත් බඩු බනිස් .හිරිනිකාත් එහෙමයි මරික්කාරුත්.එහෙමයි.

හිරුනිකා අනුරලට ඇයි මේ තරම් බය…අනේ කාලේ වනේ වාසේ කිව්වලු..

ලකි ප්‍රනාන්දු -පාදුවා ඉතාලිය.

 

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article