Tuesday, May 7, 2024

තවත් හස්තියෙක් අවසන් ගමන් යයි.

Must read

(1.00 PM) මාස ගණනක සිට ගිරිතලේ වැව ආසන්නයේ සිට අලියා ඊයේ (30) පස්වරුවේ මියගොස් ඇතැයි වාර්ථා වෙයි. මෙම අලියාගේ පාදයක තිබූ තුවාලයක් හේතුවෙන් ඔහු එලෙස එක්තැන්වී සිට ඇති අතර මිය යන තෙක්ම වනජීවි නිලධාරීන් විසින් මෙම අලියා බේරා ගැනීමට නිසි පිළියම් නොයෙදූ බවට ප්‍රදේශවාසීන් චෝදනා කරයි.

නමුත් මේ සම්බන්දයෙන් අදහස් දක්වන පොළොන්නරුව ප්‍රදේශය භාර වනජීවී සහකාර අධ්‍යක්ෂක ඩබ්. ඩී. එම්. ඡේ. වික්‍රමතිලක මහතා සදහන් කර ඇත්තේ තමන්ට ලැබෙන පහසුකම් මත අලිය සුව කරගැනීමට සියළු පරිශ්‍රමයන් දැරූ බවයි.

මේ සිදුවීම සම්බන්දයෙන් මුහුණු පොතේ සිය අදහස් පල කල කිහිපදෙනෙක් සදහන් කර සිටියේ වනජීවී නිලධාරීන් අලියාට ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව නැවතත් අලියා  ජලයට ගිය බවත් ඉන්පසු ඒ අවට රැස්වී සිටි ප්‍රදේශවාසීන් හා නරඹන්නන් විසින් අලියා නැවතත් ගොඩට එලවීම සදහා උත්සහ කල බවත් එමගින් දැඩි වෙහෙසට පත් අලියා ජලය තුලම ඇදවැටී හොඩවැල ජලය තුල තිබීම හේතුවෙන් හුස්ම ගැනීමේ අපහසුතාවය හේතුවෙන් මියගිය බවයි.

කෙසේ වෙතත් මේ දිනෙන් දින අහිමි වනනේ අපේ රටේ ජාතික සම්පත් බව නැවත නැවතත් මතක්කිරීමට කැමති අතර වනජීවි නිලධාරීන් මෙන්ම මහජනතාවය මීට වඩා වගකීමෙන් කටයුතු කල යුතු බවද අපි අවධාරණය කර සිටිමු

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article