Tuesday, May 7, 2024

අධිකරණ නියෝගයකින් නාමල් කුමාර අත්අඩංගුවට ගැනීමට සූදානමක්

Must read

(2.00PM) ජනාධිපති සිරිසේන ස හිටපු ආරක්ෂක ආමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්දයෙන් අසත්‍ය ප්‍රකාශ සිදුකරමින් ජනතාව මෙන්ම පොලීසියද නොමග යැවූ නාමල් කුමාර නැමැත්තා ඉදිරියේදී අධිකරණ නියෝගයක් මගින් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බව වාර්ථා වෙයි.

ඔහුගේ දුරකථනයේ මකා දමා තිබූ දත්ත වල ඝාතන කුමන්ත්‍රණයට සම්බන්ද කිසිදු හඩ පටයක් නොමැති බව හොංකොන් හිදී සිදුකල පරීක්ෂණ වලින් හෙලිවූ අතර එම දුරකතන දත්ත වල ඇතුලත් වූයේ පොලිස් අධිකාරී ප්‍රසන්න අල්විස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් නාමල් කුමාර සහ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා කළ සාකච්ඡාවක් පමණි.

මේ වන විට හා මින් පෙර නාමල් කුමාර නැමැත්තා ජාතික ආරක්ෂාව පවා ගැටළුකාරී තත්වයට පත්කරන ප්‍රකාශ සිදුකල හා සිදුකරමින් පැවතුනත් මේ සම්බන්ධව අධිකරණ ක්‍රියාමාර්ගයක් පවතින බැවින් අධිකරණ නියෝග අනුව ක්‍රියා කිරීමට පමණක් පොලිසියට සිදුව ඇති බවද එම ආරංචිමාර්ග පවසයි

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article