Monday, May 20, 2024

තවත් බස් රථ අනතුරක් !

Must read

පසුගිය දින කිපය පුරාම විවිධ ප්‍රදේශවලින් වාර්තා වු බස් රථ අනතුරු පොකුරට අද තවත් අනතුරක් එක්ව තිබේ.

ඒ කොළඹ සිට නුවරඑළිය දක්වා ධාවනය වු ලංගම බස් රථයක් මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලබා තිබිමත් සමගය

අද (01) අලුයම 4.30ට පමණ එම අනතුර සිදුවී ඇත්තේ කොළඹ හැටන් ප්‍රධාන මාර්ගයේ වටවල සිංහල විදුහල අසලදීය.

ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු බස් රථයකට ඉඩ ලබාදිමට යාමේදී බස් රථය මෙලෙස මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් එම අනතුර සිදුව ඇති බව වාර්තා වෙයි.

අනතුරෙන් බස් රථයේ ගමන් ගත මගින් 18 දෙනෙකු පමණ තුවාල ලබා වටවල ප්‍රාදේශිය රෝහලට ඇතුළත් කර ඇති බවත්, බරපතළ තත්ත්වයේ සිටි තුවාලකරුවන් පස්දෙනෙකු නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරු කර යවා ඇත.

ඡායා – Accident 1st

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article