Saturday, May 4, 2024

ඝාතනය වූ දැරියට සාධාරණයක් ඉල්ලා මන්නාරම අධිකරණය ඉදිරිපිටදී විරෝධතා

Must read

 

මන්නාරම – තලෙයිමන්නාරම ප්‍රදේශයේ දී පසුගිය 15 වනදා දූෂණය කර ඝාතනය කළ දැරියගේ මරණය සම්බන්ධයෙන් සාධාරණයක් ඉටු කරන ලෙස ඉල්ලා මන්නාරම ප්‍රදේශයේ ගම්වාසීන් සහ සමාජ ක්‍රියාකාරීන් මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට සාමකාමී විරෝධතාවයක් අද (19) පෙරවරුවේ ආරම්භ කරන ලදී.

තලෙයිමන්නාරම ගම්මානයේ ජනතාව මෙම විරෝධතාවයේ නිරත වූයේ දැරියගේ මරණය සම්බන්ධයෙන් නොපමාව සාධාරණය ඉටු කරන ලෙසත්, නඩුව විභාග කිරීම සඳහා විශේෂ විනිසුරු කමිටුවක් පත් කරන ලෙසත් බල කරමිනි.

සටන් පාඨ

වින්ඳිත දැරියට යුක්තිය ඉටු කර දෙන්න, විශේෂ විමර්ශන පොලිස් කණ්ඩායමක් පත් කරන්න, පිරිමි ළමයින් පණපිටින් ආරක්ෂා කරන්න, අන්තර්ජාලය හරහා සිදුවන ලිංගික අතවර නවත්වන්න, අපේ දරුවන් ආරක්ෂා කරන්න, වැනි විවිධ සටන් පාඨ සහිත පුවරු ඔවුන් රැගෙන ගිය අතර ඒ සමඟම දැරියගේ ඡායාරූපයක්ද රැගෙන ගියහ.

එස්.ආර්.ලැම්බර්ට්

තලෙයිමාන්නරමේ දි ගාතනය කල සිසුවියට සාධාරනය ඉල්ලා පැවැත්වූ විරෝධතාවය

පස්වරුවේ තලෙයිමන්නාරම උර්මානෙයි ගම්මානයේ 10 හැවිරිදි දැරිය ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයා ඉදිරි පැය 48 සඳහා පොලිස් භාරයේ තැබීමට සෙනසුරාදා (17)  මන්නාරම අධිකරණය අවසර ලබා දුන්නේය.

මේ තත්ත්වය තුළ එම සැකකරු අද සඳුදා යළි මන්නාරම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර එය අධිකරණයේ අවධානයට යොමු කිරීම සඳහා මෙම සාමකාමී විරෝධතාව පවත්වන ලදී.

 

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article