Sunday, May 5, 2024

තම සගයන්ගේ දේශපාලන ජිවිතය අනාථ කරන ජනපති සිරිසේනගේ ලගනැමිලි !

Must read

slfp

2014 දි රාජපක්ෂ පාලනය හමාර කිරිම සදහා මෛත්‍රිපාල සිරිසේන මහතා සමගින් එදා අවදානම් ගෙන පාරට බැස්ස ශ්‍රිලනිප දේශපාලන සගයන් පිරිසක් අද රාජපක්ෂලාගේ බෙලි කැපිලි දේශපාලන හමුවේ සිය අනාගත දේශපාලන ජිවිතය බරතල අවුලකට මුහුණ දි සිටිති.
මෙයට ප්‍රධානතම හේතුව වි ඇත්තේ රාජපක්ෂලාට එරෙහිව එදා එලියට බැස්සද අද ජනපති සිරිසේන විසින් යළිත් වරක් ඒදා එපාකරපු රාජපක්ෂලාව අද බදා පිළිගැනිමේ තින්දුවකට ගොස් ඇති බැවිනි.
මේ පිරිස අද අත ලකුණින් තරග කලහොත් අනිවාර්යෙන්ම රාජපක්ෂලා විසින් මේ අයව පරාජය කිරිම සදහා කටයුතු කරනු නියතය. 2015 අගෝස්තු මහමැතිවරණයේදි සිදුවුයේද එයමය.
මේ යථාර්ථය පිළිබදව අමරවිර සියඹලාපිටිය ෆවුසි දුමින්ද සහ විජිත් විජිත මුණි විසින් පසුගියදා පෙන්වා තිබුණි.
ඒ පිළිබදව බැසිල් රාජපක්ෂව දැනුවත් කොට ස්ථිර විසදුමක් ලබාදිමට පියවර ගෙන තිබණද එළඹෙන දේශපාලන යථාර්ථයන් තුල එකි පොරොන්දු ඉටුවේද යන සැකය බරපතල මතුව තිබේ.
මේ සියල්ලන්ගේ දේශපාලන අනාගතය ජනපති සිරිසේන විසින් ගත් අමන දේශපාලන තින්දුව නිසා විනාශ කරා යමින් තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article