Wednesday, May 8, 2024

ඩයනාගේ පාර්ලිමේන්තු ධුරය ගැන පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ

Must read

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සම අභියාචනාධිකරණ ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභ කර තිබේ.
ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ එකඟත්වය මත අදාළ පෙත්සම නිෂ්ප්‍රභ කරන බව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න පැවසීය.

ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවයක් හිමි තැනැත්තියක් බැවින් ඇයට මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තුවට තේරී පත්වීමට, අසුන් ගැනීමට සහ ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකමක් නොමැති බවට තීන්දු කරන ලෙස ඉල්ලා සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඕෂල හේරත් විසින් එම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.
theleader.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article