Wednesday, May 8, 2024

පුදුකුඩිරිප්පු ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පහරදී ඝාතනය කරේ

Must read

ඔක්තෝබර් 08 වනදා  රාත්‍රියේ පවුලේ අ  යෙකුට පහරදී ඝාතනය කිරීමේ සිද්ධියක් පුදුකුඩිරිප්පු ප්‍රදේශයේදී සිදුවී තිබේ.

මුලතිව් පුදුකුඩිරිපු පොලිස් වසමේ කයිවේලි මයිල්ගුන්චාන් නේවාසික ප්‍රදේශයේ මත්පැන් පානය කරන ස්ථානයකදී වැඩිහිටියෙකු සහ අදාළ පුද්ගලයෙකු අතර ඇති වූ ආරවුලක් බහින් බස්වීමක් දුරදිග ගොස් තුවාලකරුගේ හිසට පිහියකින් සහ පොරවකින් පහරදී තිබේ.

එම සිද්ධියෙන් මියගොස් ඇත්තේ  කයිවේලි ප්‍රදේශයේ පදිංචි තම්බිපිල්ලේ මාර්කඳු (අවු. 71) නමැති අයෙකි. පහරදීම සිදුකළ බවට සැකකරන සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන වැඩිදුර ප්‍රතිකාර සඳහා පොලිස් ආරක්ෂාව යටතේ මුලතිව් මාංචෝලේ රෝහල වෙත මාරුකර යවා ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු  කයිවේලි මයිල්කුංජන් නේවාසික ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකි.ඒම අවස්ථාවේදි  ඔහු මත්ද්‍රව්‍ය පාවිච්චි කර සිට ඇති අතර මෙම මරණය   පහරදී ඝාතනය කරන ලද්දක් බව  ප්‍රදේශවාසීහු පවසති.

 

ෂන්මුගම් තවසීලන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article