Friday, May 3, 2024

ජාතික තව්හිද් ජමාද් සංවිධානය සමඟ ගනුදෙණු කළ මව්ලවිවරයෙකු අත්අඩංගුවට

Must read

ජාතික තව්හිද් ජමාද් සංවිධානයේ නායකයා වන සහරාන් හසීම් නමැත්තා සමඟ සමීප සබඳකම් පැවැත්වූ බවට සැකපිට පාසල් ගුරුවරයෙකු වන මව්ලවිවරයෙකු හොරොව්පොතාන මුක්කරවැව ප්‍රදේශයේදී ඊයේ (28) සවස අත්අඩංගුවට ගත් බව හොරොව්පොතාන පොලීසිය පවසයි.

හොරොව්පොතාන පොලීසියේ බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් අනුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හොරොව්පොතාන තිඹිරි අත්තාවල විදුහලේ ගුරුවරයකු ලෙස සේවය කළ හොරොව්පතාන මුක්කර වැව ප්‍රදේශයේ පදිංචි මව්ලවිවරයෙකි.

ඉකුත් 21 දා සිදු වූ ත්‍රස්තවාදී ප්‍රහාරයට සැකපිට වරකාපොල ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගත් සැකකරුවෙකු සමඟද මොහු 2004 වසරේ සිට සමීප සබඳකම් පවත්වා ඇති බවට තොරතුරු අනාවරණය වූ බවත්, 2016 වසරේ සහරාන් හසිම් නමැත්තා විසින් හොරොව්පොතාන පත්තෑව ජුම්මා පල්ලියේ පවත්වන ලද දේශනයකටද මෙම සැකකරු සහභාගි වී ඇති බවට පොලීසියට තොරතුරු ලැබී තිබේ.

ඉස්ලාම් අන්තවාදී සංවිධාන හරහා මුදල් ලබා ගනිමින් අසරණ පවුල් වලට උදව් උපකාර කිරීමේ වැඩපිළිවෙලක්ද පසුගිය කාලය පුරා මොහු විසින් සිදුකර ඇති බව පරීක්ෂණ පවත්වන පොලීසිය වැඩිදුරටත් පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු කැබිතිගොල්ලෑව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

අනුරාධපුර පොලොන්නරුව භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රතාප් සදුන්ගහවත්ත, කොට්ඨාස භාර පොලිස් අධිකාරි තිළිණ හේවාපතිරන, හොරොව්පොතාන සහකාර පොලිස් අධිකාරීබණ්ඩාර යන මහත්වරුන්ගේ උපදෙස් මත හොරොව්පොතාන පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රොෂාන් සංජීව මහතා ඇතුළු නිලධාරීන් විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.

 

(ada.lk)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article